Pages

අපි ඉන්නේ බොහොම අඳුරු යුගයක - භාතිය ' Derana Music awards 2012 ' Controversial Thoughts

මට අධි රුධිර පීඩනය තියෙනවා.මින් ඉදිරියට මට ආරාධනා කරන්න එපා - සෝමරත්න දිසානායක  (Video)

සිව්වන වතාවට පැවැත්වුණු "දෙරණ ලක්ස් මියුසික් වීඩියෝ අවෝඩ්ස්" උළෙල බොරැලස්ගමුව "ගෝල්ඩන් රෝස්"හි අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. එම උත්සවයට සහභාගී වූ භාතිය, සංතුෂ් ගායකයින් දෙදෙනා වෙනස් ආකාරයේ අදහස් දැක්වීමක් නිසා උත්සවය වෙනස් පැත්තකට ගමන් කළේය. මෙම උළෙලේ සම්මානලාභී ගායකයෙක් වූ භාතිය කියා සිටියේ අපේ කළා ක්ෂේත්‍රය අඳුරු යුගයක පවතින බවයි. එනිසා කළාකරුවන් මනසින් වැඩකළ යුතු කාලය එළඹී ඇති බවත් ඔහු පැවසීය.

මෙහිදී සෝමරත්න දිසානායක මහතා අදහස් දක්වමින් කියා සිටියේ මියුසික් වීඩියෝ යනු සංගීත රූප බවත් සංගීත රූපවලට සම්මාන දෙනවා නම් සංගීතය ගැන ප්‍රශ්නයක් මතුවන බවත්ය. මින් ඉදිරියට මෙම උත්සවය පවත්වන්නේ මේ ආරයෙන් නම් තමන්ට ආරාධනා නොකරන ලෙසත් ඔහු මෙහිදී කියා සිටියේය.

එහිදී වසරේ ජනප්‍රියතම සංගීත වීඩියෝවට හිමි රන් සම්මානය, අතුල අධිකාරී සහ සමිතා එරන්දතී එක්ව ගයන "ඉවසයිද මන්දා"ගීතයට හිමිවිය. එසේම රිදී සම්මානය රොෂාන් ප්‍රනාන්දු ගයන " ඔයා නිසා හඬලා" ගීතයටද, ලෝකඩ සම්මානය රුවන් හෙට්ටිආරච්චිගේ " නොදැක ඉන්න බෑ"ගීතයටද හිමිවිය.
ඉරාජ් සම්මාන ලබාගැනීමෙන් පසුව කියා සිටියේ සිය නිර්මාණ තුළින් මෙරට සමාජයේ ඇති අඩුපාඩු හුවාදැක්වීමට කටයුතු කළ බවත්, මෙවර තමන් ඉදිරිපත් කළ සංගීත වීඩියෝවේ පිටරට ගොස් දුක්විදින කාන්තාවන් සම්බන්ධ විෂය හෙළි දැක්වූ බවයි.යළිත් වතාවක් ඔහු සම්මාන සදහා වේදිකාවට පැමිණි පසු ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා ගායක ගායිකාවන්ගෙන් ඔවුන්ගේ සංගීත වීඩියෝව ප‍්‍රචාරය කිරීමට මුදල් ඉල්ලා සිටින බවයි.එබැවින් සියලු සංගීත කරුවන් එකතුව මේ සම්බන්ධව සංවිධාන ගතව යම් පිළිතුරක් සෙවීමට කාලය එලැඹ ඇති බවද ඔහු අවධාරණය කළේය.

කෙසේවුවද ඉරාජ්ගේ ප්‍රකාශයෙන් පසුව වේදිකාවට එක්වූ ඇතැමෙක් කියා සිටියේ තමන්ගේ ගීත මුදල් ගෙවා ප‍්‍රචාරය කර නොගත් බවයි.

මේ අතර ශසිකා නිසංසලා වෙනුවෙන් පෙනී සිටිමින් නිරෝෂා විරාජිනීද පැවසුවේ ඇගේ සංගීත වීඩියෝව මුදල් ගෙවා ප‍්‍රචාරය කරන ලද්දක් නොවන බවයි.

පසුව වැඩ සටහන ඉදිරිපත් කළ සාරංග දිසාසේකර විරාමයකින් අනතුරුව පැමිණ ප‍්‍රකාශ කළේ දෙරණ ටෙලිවිෂනයෙන් හෝ ගුවන් විදුලියෙන් කිසිම අවස්ථාවක මුදල් ගෙවා කිසිම ගායක ගායිකාවකගේ ගීත ප‍්‍රචාරණය නොකරණ බව කළමනාකරණ සහ පාලන අධිකාරිය විසින් දැනුම් දී ඇති බවයි.

මෙම සම්මාන උළෙලෙහි හොඳම සංගීත වීඩියෝ අධ්‍යක්ෂක සදහා සම්මාන ලබාදීමට වේදිකාවට සිනමා අධ්‍යක්ෂවරුන් පස්දෙනෙකු පැමිණීම විශේෂත්වයක් වූ අතර සෝමරත්න දි සානායක, සුදත් මහදිවුල්වැව, ප‍්‍රසන්න ජයකොඩි, අනුරුද්ධ ජයසිංහ හා චන්න පෙරේරා එසේ පැමිණියහ.

මේ අතරින් ප්‍රථමයෙන් ම සෝමරත්න දිසානායක කියා සිටියේ තමන් මෙම සම්මාන රාත‍්‍රියට පැමිණියේ ප‍්‍රමාදව බවත් මෙහි පැමිණි විට තමන් ප‍්‍රමාද වී පැමිණීම ගැන කනගාටු නෙවන බවත්ය.

එසේ ප‍්‍රකාශ කිරීම සම්බන්ධව අමනාප නොවෙන ලෙසත්, මෙම සම්මාන තරගය ලබන වසරේත් පවත්වනු ලබන්නේ මේ ආකාරයෙන්නම් කරුණාකර තමාට ආරාධනා නොකරණ ලෙසත් ඉල්ලා සිටියේය.

සුදත් මහදිවුල්වැව කීවේ තමන් තරුණයන්ගේ මේ ජවයට කැමති බවයි.

අනතුරුව අදහස් දැක්වු ප්‍රසන්න ජයකොඩි මෙහි යම් යම් කාරණා සම්බන්ධව ගැටළු ඇති බවත් තරුණයන්ගේ මේ මැදිහත්වීම සම්බන්ධව ගැටලුවක් නැතිවුවත් මේ තත්ත්වයෙන් ගුණාත්මක පැවැත්මක් ඇති විය යුතු බවත් සදහන් කළේය.චන්න පෙරේරා පැවුසවේ තරුණයන්ගේ මෙවන් නිර්මාණ අගය කරණ බවත්, යහපත් දේ වෙනුවෙන් සටන් කළයුතු බවත්ය.

මේ අදහස් එළියට පනින්නට පෙර ජැක්සන් ඇන්තනී විනිසුරු මඩුල්ලේ සාමාජිකයකු ලෙස කියා සිටියේ නිර්මාණ තෝරා ගැනීමේදී අසීරු අවස්ථා දෙකකට මුහුණ පාන්නට සිදුවන බවත්, ඉන් එක් අවස්ථාවක් වනුයේ ඉතා උසස් මට්ටමේ නිර්මාණ රැසක් අතුරින් හොද නිර්මාණ තෝරා ගැනීම අපහසු බවත්, අනෙක් කරුණ ඉතා අවම මට්ටමේ නිර්මාණ රැසකින් සම්මාන දීම සදහා නිර්මාන තෝරාගැනීම අසීරු බවත්ය.

අනතුරුව ඔහු ප‍්‍රකාශ කලේ ලබන වසරේදී මේවාට වඩා හොද නිර්මාණ ඉදිරිපත් කිරීමට උත්සාහ කරන ලෙසයි.දිලීප අබේසේකර විනිසරුවරයෙකු ලෙස නොව සිය පෞද්ගලික මතය ලෙස මේ නිර්මාණ තුළ ඇති ගුණාත්මක භාවය පිළිබදව තමන්ට යම් ගැටලුකාරී බවක් ඇති බවත් මේ නිර්මාණ තුළ ගීතය අමතක කොට රූපයට පමණක් මූලිකත්වය දී ඇතිදැයි ඔහුට සැකයක් පවතින බවත් පැවසීය.

මේ අතර, රන් සම්මානය දීම සදහා වේදිකාවට පැමිණි දෙරණ සභාපති වරයා පැවසූවේ රාත‍්‍රි දොළහ පසුව ඇතත් තමන් යම් අදහස් දැක්වීමක් කළයුතු බවයි.ඒ අනුව ලක්සිරි වික්‍රමගේ මහතා කීවේ තම ආයතනය සංගීතය කර්මාන්තයක් සේ සළකන බවත්, සිනමාවද කර්මාන්තයක් බවත් නමුත් අපේ රටේ මෙය කර්මනාත්තයක් සේ නොසළකා කටයුතු කරන බවත්ය.

මේ සියල්ල මුදල් සම්බන්ධ කාරණා බවත් පැල්කවි පාරු කවි වැනි ජන කලාවන් තුළම එල්බගෙන නොසිට ලංකාව තුළ ලෝකය තිබෙනවා නොව ලෝකය තුළ ලංකාව පිහිටා ඇති බව සළකන බවත් භාතිය සන්තුෂ් වැනි අය මේ පැල්කවිය ජන ගීය ලෝකයට තමන්ගේ අනන්‍යතාව තබාගෙන රැගෙන ගොස් ඇති බවත් මේ සංගීත සිනමා කර්මාන්ත අයිතිවිය යුත්තේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට නොව කර්මාන්ත අමාත්‍යාංශයට බවත් එය විහිලුවකට පවසනවා නොව එය ඒ ආකාරයෙන් සිදුවිය යුතු බව තමා විශ්වාස කරන බවත් කීය.

මෙය ජනමාධය අමාත්‍යාංශයේ කටයුතු සම්බන්ධව කරණ ප‍්‍ර‍්‍රකාශයක් නොවන අතර තමන්ගේ ලයිසන් එක නැතිවෙනවාය සිතා තමා ජනමාධය අමාත්‍යාංශයේ හොද පවසනවා නොවේ යැයිද ඔවුන් ඉතා හොදින් ඔවුන්ගේ කටයුතු කරගෙන යන බවත් පැවසීය.

මෙම සම්මාන උළෙලේ වසරේ ජනප්‍රියතම සංගීත වීඩියෝවට හිමි රන් සම්මානය, අතුල අධිකාරී සහ සමිතා එරන්දතී එක්ව ගයන "ඉවසයිද මන්දා"ගීතයට හිමිවිය.

එසේම රිදී සම්මානය රොෂාන් ප්‍රනාන්දු ගයන " ඔයා නිසා හඬලා" ගීතයටද, ලෝකඩ සම්මානය රුවන් හෙට්ටිආරච්චිගේ " නොදැක ඉන්න බෑ"ගීතයටද හිමිවිය.

ටෙහාන් පෙරේරාගේ “ලොකු සීන් එපා“ වීඩියෝව දෙරණ මියුසික් අවෝඩ්ස් හි සම්මාන රැසකින් පිදුම් ලැබීය.

හොදම සංගීතමය වීඩියෝපටය, හොදම සංස්කරණය, හොදම සජීවීකරණය , හොදම අධ්‍යක්ෂණය යන සම්මාන සියල්ල හිමිවුණේද එම වීඩියෝවටය.

හොදම ඉදිරිපත් කිරීමට හිමි සම්මානය ඉන්ද්‍රචාප ලියනගේ ගේ “පියවුණා“ වීඩියෝව විසින් හිමිකරගනු ලැබීය.