පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා නවලෝක රෝහලෙන් පිටත්ව ජනපතිගේ ආශිර්වාද ලබා ගැනීමට ජනපති මන්දිරයට (Video)
හිසට වෙඩි වැදී මාරාන්තික තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා අද (27) පෙරවරු 11.30ට පමණ කොළඹ නවලෝක රෝහලින් පිටත්ව ගියා. සිංගප්පුරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිට පසුගිය මාර්තු 5 වන දා දිවයිනට පැමිණි මන්ත්‍රීවරයා යළි ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබුවේ නවලෝක රෝහලටයි. නවලෝක රෝහලෙන් පිටත්ව යන මොහොතේ දී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් ප්‍රථමයෙන් ජනාධිපතිවරයාගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා ජනාධිපති මන්දිරයට යන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා රෝහලින් පිට වී යන මොහොතේ අති විශාල ජනකායක් එම ස්ථානයට රැස්ව සිටියා. උදෑසන සිටම විශාල ජනකායක් නවලෝක රෝහල අසල රැදී සිටි අතර ඔවුන් අතරින් මන්ත්‍රීවරයා පිටතට රැගෙන යාමට ආරක්ෂක අංශවලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවුණා.
කොළඹ නවලෝක රෝහලේ සිය වාට්ටුවේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා දහවල් 11.25ට පමණ රෝහලෙන් එළියට පැමිණියේය.ඔහුගේ ආධාරකරුවන් සිටි දෙසට ඇවිදගෙන ආ දුමින්ද සිල්වා ඔවුන් සමග සිනහ මුසු මුහුණින් කතා කළේය.ඔහු දැක ගැනීමටත්, මල් මාලා හා බුලත් හුරුළු පිළි ගැන්වීමටත් පිරිස පොරකන්නට වූහ.දුමින්ද සිල්වාගේ පෞද්ගලික ආරක්ෂකයෝ ඔහු වටේම සිටියහ.තැන තැන රතිඤ්ඤා පත් කිරීම්, ප්‍රීති ඝෝෂා හා මල්මාලා උඩට විසිකර යළි අල්ලා ගන්නා සිද්ධිද දැක ගත හැකි විය.
ඒ මහතාගේ නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පැවසුවේ රෝහලෙන් පිටව යාම සඳහා මන්ත්‍රිවරයාට තවමත් වෛද්‍ය අනුමැතිය නොලැබුණු බවයි. මන්ත්‍රිවරයාගේ භෞතික පෙනුම බොහෝදුරට යහපත් වුවද ඔහුගේ අභ්‍යන්තර තුවාල සම්බන්ධයෙන් සැක පවතින බවද ප්‍රකාශ කෙරුණා.
*Duminda Silva who left Nawaloka Hospital a short while ago went straight to President’s House to meet President Mahinda Rajapaksa,