හාස්කමකින් සුවය ලැබු දුමින්ද සිල්වා - Duminda Silva's Miracle Cure

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෘත්තිය සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ද තවත් තිදෙනකුද ඝාතන සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ්බාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ නවලෝක රෝහලේදී ඇප ලියවිලි වලට අද (26) අත්සන් කර තිබේ.

ඔහු හෙට (27)පෙරවරු 11.15හාස්කමකින් රෝහලෙන් පිටව යෑමට නියමිත බව විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් වාර්තා වෙයි.

ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා ඇතුළු නිතීඥවරු එම ලියවිලි මහාධිකරණට රැගෙන ආහ.

දුමින්ද ඇප අත්සන් කළ ස්ථානයට යෑමට මාධ්‍යට අවසර නොලැබිණි.පෙරේදා වනවිට හිසේ සියයට හතළිහක් අඩපණව ඇතැයි උසාවියේදී නීතීඥයින් විසින් ප්‍රසිද්ධ කළ දුමින්ද සිල්වාගේ රෝගී තත්වය අද වන විට හාස්කමකින් සුවය ලබා ඇතැයි දුමින්දගේ සොයුරාට අයත් හිරු මාධ්‍යය එස්.එම්.එස්. ඇලර්ට් එකකින් දන්වා තිඛෙනවා.

සිංග්‍රීසියෙන් සටහන්ව තිබුණ එහි දැක්වුනේ,

Haaskamkin Suwaya Lebuu Parlimenthu Manthri R' Duminda Silva hetaPerawaru 11.15ta Nawaloka Rohalen Pitathwa Yai

(හාස්කමකින් සුවය ලැබු පාර්ලිමේන්තු මන්තී ආර්.දුමින්ද සිල්වා හෙට පෙ.ව.11.15ට නවලෝක රෝහලෙන් පිටත්ව යයි)
යනුවෙනි.
අද දහවල් දුමින්ද සිල්වා නවලෝක රෝහලේදී තමාට ලැබුණ ඇපයට අදාළ ලියකියවිලි වලට අත්සන් කළ අතර ඒ සඳහා ඔහු සිටින කාමරයට ඔහුගේ නීතීඥයින් ගොස් නැවත එළියට ආවත් මාධ්‍යයට එම අවස්ථා වාර්තා කිරීමට ඉඩ ලැබුනේ නැත.ඉහත සඳහන් එස්.එම්.එස් පණිවිඩයට අනුව හාස්කමකින් සුවය ලැබූ දුමින්ද සිල්වා හෙට රෝහලෙන් පිටවනු ඇතැයිද දැන් එක්වරම සුවය ලැබූ නිසා උදෑසන මාධ්‍ය හමුවේ පෙනී සිටිනු ඇතැයිද සැක කෙරෙනවා.

ඔහුට ඇප ඉල්ලා සිටියේ අඩපණවූ මනසට පුනරුත්ථාපන උවමනාවට බවට නීතීඥවරුන් පෙරේදා කියා සිටි නමුත් ඇප ලැබී පැය ගණනක් ඇතුළත ඔහු සුවයට පත්වීම සැබෑම හාස්කමකි.

Gossip Lanka Hot News Previous News Archive