Facebook පැමිණිලි වැඩියි

මේ වසරේ ගත වු පළමු මාස තුන තුළ අන්තර්ජාලය හා සම්බන්ධ පැමිණිලි 350 ක් පමණ ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.එම පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් "ෆේස්බුක්" ගිණුම් පිළිබඳව ලැබුණු පැමිණිලි බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ව්‍යාජ "ෆේස්බුක්" ගිණුම් පවත්වාගෙන යාම සහ ඇතැම් "ෆේස්බුක්" ගිණුම්වලට අනවසරයෙන් ඇතුළුවීම පිළිබඳ වු පැමිණිලි ඒ අතර වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පැවසීය.

ඊට අමතරව ඇතැම් ආගම්වලට අපහාස වන අයුරින් සකස් කළ "ෆේස්බුක්" ගිණුම් පිළිබඳව පැමිණිලි ද වන බව වාර්තා වේ.වෙබ් අඩවිවලට අනවසරෙන් ඇතුළු වී දත්ත වෙනස් කිරීම, ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩ යොමුකිරීම වැනි දෑ පිළිබඳව මේ වසරේ පළමු මාස තුන තුළ ලැබුණු පැමිණිලි අතර වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වැඩිදුරටත් සඳහන් කළේය.

Gossip Lanka Hot News Previous News Archive