ජනතා විමුක්ති පෙරමුණ වත්මන් විදුලි අර්බුදයට වගකිව යුතුයි - Gamini Lokuge

රට පුරා තිබූ විදුලි ට්‍රාන්ස්ෆෝමර් ගිනි තැබූ ජනතා විමුක්ති පෙරමුණ වර්තමාන විදුලි අර්බුදයට වගකිව යුතු බව කම්කරු ඇමැති ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේය.

ලෝක කම්කරු දිනය සැමැරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සූදානම පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා එසේ පැවැසුවේ මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැලියෙන් සෙසු පක්‍ෂ වෙන්ව මැයි රැලි පවත්වන්නේ උතුරේ ප්‍රශ්නයට රජය ලබා දීමට යන විසඳුමට විරෝධය පෑම සඳහා යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසා ඇතැයි මාධ්‍යවේදියකු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

තමන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන චෝදනාවලට පිළිතුරු දෙන්නේ නැතැයිද ඔවුන්ට හැකි තරම් චෝදනා ඉදිරිපත් කළ හැකි යැයිද පැවැසූ ඇමැතිවරයා එදා ට්‍රාන්ස්ෆෝමර් ගිනි තබා දැන් හුළු අතු පත්තු කරමින් යන්නේ යැයිද ඔවුන්ට ඒ අතීතය අමතකව ඇතැයිද ප්‍රකාශ කළේය.එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින සැමරුම් රැලියෙන් සන්ධානයේ සෙසු පක්‍ෂ වෙන් වෙන්ව මැයි රැලි පැවැත්වීම අලුත් තත්ත්වයක් නොවන බව සඳහන් කළ ඇමැති ලොකුගේ මහතා විමල් වීරවංශ ඇමැතිවරයාට වෙනම මැයි දිනය පවත්වා ගැනීම සඳහා සන්ධානය අවසර ලබා දී ඇතැයිද පසුගිය වසරේ පවා ඔවුන් සන්ධානයෙන් වෙන්ව මැයි රැලිය පැවැත්වූයේ යැයිද එසේ වෙන්ව පවත්වා අවසානයේ සන්ධාන රැලියට පක්‍ෂ එකතු වන්නේ යැයිද පැවැසුවේය.


ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා

ශ්‍රී ලංකාව ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලැබුවා කියා වාර්තාවක් තිබෙනවා. රාජ්‍ය අංශයේ ආයතනවල සිදුවන දූෂණ සොයා බලන්න කියා වෙනම කොමිසමක් පත් කරන්න අප රජයෙන් ඉල්ලුවා. එය ඉටුවී නැහැ. ජීවන වියදම් වැඩි වීම අපට තදින් බලපානවා. පහුගිය අවුරුදුවල රජය හා සාකච්ඡා කර ලබාගත් වැටුප් වැඩිවීම ක්‍ෂයවෙලා. මෑත කාලයේ විදුලි බිල වැඩිවීම ජනතාවට දරාගන්න අමාරුයි. අප රජයට තදින් බරපතළ ලෙස කියනවා මෙය සංශෝධනය විය යුතුයි කියලා

නොයෙක් අය කළ වැරැදිවල වන්දිය ගෙවීමට සිදුවී ඇත්තේ ජනතාවටයි. එය ඉතා අසාධාරණයි. අපට විදුලි බිල වැඩි වීම අනුමත කරන්න බැහැ. ඩීසල් බලාගාර වෙනුවට විකල්ප, මිල අඩු බලාගාර තැනීම හිතාමතාම ප්‍රමාද කිරීම ගැන සොයා බැලිය යුතුයි. මෙය මාෆියාවක්.

ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ ලේකම් සෝමවීර චන්ද්‍රසිරි මහතා

මේ ආණ්ඩුව රට අවදානම් තැනකින් ගලවා ගත්තා. වෘත්තීය සමිති හැටියට දිනාගත යුතු කම්කරු අයිතීන් රාශියක් තියෙනවා. පසු විපරම් කමිටු සෑම ආයතනයකම ඇති කරන්න අප යෝජනා කළා.

නමුත් මේක කඩාකප්පල් වෙලා. මේක ක්‍රියාත්මක කළොත් රාජ්‍ය ආයතනවල දූෂණ අවම කරගන්න පුළුවන්. විදුලි බල මණ්ඩලයේ ඩීසල් බලාගාර මඟින් විදුලිය පෞද්ගලික අංශයෙන් ගන්න දිගු කාලීන ගිවිසුම් ගහලා තිබෙනවා. තාප බලාගාර, ජල විදුලි බලාගාර හැදීම ප්‍රමාද කරලා. මේ ආණ්ඩුව තුළ ක්‍රියාත්මක වන තවත් ආණ්ඩු තියෙනවා. අද ලක්‍ෂ ගණන් කම්කරුවෝ ඉන්නවා කිසිම අයිතිවාසිකමක් නැහැ. සමහර වෘත්තීය සමිති මේ ගැන කතා කරන්නේ නැහැ. සමහරුන් මේ ආණ්ඩුව ගැන කලකිරවන්න නොයෙක් කතා පතුරනවා. පැරැණි යුගයට යන්න අප සූදානම් නැහැ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානා මහතා

රාජ්‍ය ආයතනවල නාස්තිය අවම කළ යුතුයි. නිලධාරිවාදය තවමත් රාජ්‍ය ආයතනවල රජ කරනවා. නමුත් කම්කරුවන්ට ජනාධිපතිතුමා පිළිබඳ ඇති විශ්වාසය අඩුවෙලා නැහැ. බීම මැයි දිනයට අරහං. බීල ආවහම පෙළපාළියක් නැහැ. මොකුත් නැහැ, ඔක්කොම කඩාකප්පල්. ඒ නිසා වේලාසනින් කෑම කාල මැයි
පෙළපාළියට එක් වෙන්න කියා ආරාධනා කරනවා.

Gossip Lanka Hot News Previous News Archive