ලංකාවේ සත්‍යට ඉඩක් නැති බව අද ඔප්පු වුණා (video)
තම පියාවන භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනයේ සිට මේ දක්වා තමන්ට සාධාරණයක් ඉටුවී නොමැති බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා ඇපමත නිදහස් වීමෙන් තමන් තවදුරටත් කළකරුණු බවයි සිය නිවසේ මාධ්‍ය හමුවක් පවත්වමින් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය සදහන් කළේ. ඇපමත නිදහස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා අද රෝහලෙන් පිටව යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියා.
දුමින්ද සිල්වා මහතාගේ හිසට වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ බවට කෙරෙන ප්‍රකාශ පිළිබඳවද අද දිනයේ දුමින්ද සිල්වා මන්ත්‍රිවරයා හැසිරුණු ආකාරයෙන් සැක උපදවන බවයි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය වැඩිදුරටත් සදහන් කළේ.