IPL ගියොත් කුණු බිත්තර තමා - Bodu bala Sena

අයි. පී. එල්. ක්‍රිකට් තරගවලට සහභාගි වන ක්‍රිකට් ක්‍රීඩකයන්ට කීමට ඇත්තේ ජාතියක් ලෙස මෙරට ජනතාව දැක්වූ ආදරයට පිටුපා, මුදල් පසුම්බියට යටවී, ජාතියට මෙපමණ නිගා දෙන අවස්ථාවක ඉන්දියාවට යාමට ගොස් කටුනායකදී කුණු බිත්තර ප්‍රහාරවලට හසු නොවන ලෙස බොදු බලසේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවැසූහ. 
ශ්‍රී ලංකාව නිදහස් ස්වාධීන රාජ්‍යක් හෙයින් සඟ පෙළපත මෙරට වැඩ සිටින තුරු තමිල්නාඩුවට අවශ්‍ය ලෙස ඊළමක් පිහිටුවීමට ඉඩ නොලැබෙන බවත් ප්‍රභාකරන් වැනි සියයක් හෝ බින් ලාඩන් වැනි අන්තවාදී කෙරුම්කාරයින් පැමිණියද මෙරටෙහි බෙදුම්වාදය ඇති කිරීමට ඉඩ නොතබන බවත් හිමියෝ කීහ. එසේම බොදු බල සේනා සංවිධානය තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ගෙන එන බව කියා ඇති වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා ජාතිය වෙනුවෙන් සත පහක වැඩක් නොකල කටින් බතල හිටවූ අමාත්‍යවරයෙක් යැයි ද ෆිනෑන්ස් සමාගම්වලට යන සාමාන්‍ය දුප්පත් මිනිසුන් තමන් අත්සන් කරන කොළේ තියෙන දේවල් නොදන්න සමාජයක සමාජ ඒකාබද්ධතා අමාත්‍යවරයා වශයෙන් හැකි නම් සති දෙකක් ඇතුළත සිංහල භාෂාවට පළමු තැන දෙන ජාතික ප්‍රතිපත්තියක් සකස් කර පෙන්වන ලෙසද උන් වහන්සේ පැවැසීය.
 රටේ ප්‍රහසන ජවනිකා ඉදිරිපත් කරන මැති ඇමැතීන්ගේ ඔළුව පරීක්ෂා කිරීමට මාස තුනකට වරක්වත් අංගොඩ යවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද හිමියෝ කියා සිටියේ පෙරේදා කුරුණෑගල පන්නල නගරයේ පැවැති බොදු බල සේනා මහ සමුළුව අමතමිනි. එහිදී බොදු බල සේනා සංවිධානයේ ප්‍රධානී කිරම විමලජෝති හිමි, කථිකාචාර්ය මාවතගම පේමානන්ද හිමි, වැඩසටහන් සම්බන්ධීකාරක දිලන්ත විතානගේ මහතා ද කතා කළහ.

be greeted with rotten eggs on their return from the tournament.

Gossip Lanka Hot News Previous News Archive