IPL ගැන නොදන්න කෙනෙක් නෑ. 2008 අරඹපු India Premier Legue තරගාවලිය ඉන්දියාවට හා ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට බලාපොරොත්තු නොවූ ආකාරයේ සල්ලි උල්පතක් බවට පත්වුණා. මේ වන විටත් IPL කියන සන්නම් නාමය අමෙරිකානු ඩොලර් බිලියන 2.99ක වටිනාකමක් සහිත සන්නම් නාමයක් වෙලා. IPL නිසා ඉන්දියාවේ ආර්ථිකයට ලැබෙන සහයෝගය නම් අති විශාලයි. සංචාරක ව්‍යාපාරය, හෝටල් සහ ප්‍රවාහනය මේ සියලු අංශ දියුණුවට IPL තරගාවලියෙන් ලැබෙන්නේ පුදුමාකාර උදව්වක්. මේ IPL තරගාවලිය නිසා ඉන්දියාවේ ඍජු හා වක්‍ර රැකියා සෑහෙන ප්‍රමාණයක් වර්ධනය වුණා.
ක්‍රීඩා ආර්ථිකයක් ගැන කතා කරන ශ්‍රී ලංකාවේ උදවියටත් මේ IPL තරගාවලිය දිහා බැලුවොත් ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැඟෙන්නේ කොහොමද කියලා අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම IPL තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහය ගන්න ඉන්දියාවේ වගේම ලෝකයේ අනෙක් රටවල වෙළෙඳ ආයතන පොර කනවා. ඒ කොහොම වුණත් මෙවර හා ඉදිරි වර්ෂ සඳහා IPL ප්‍රධාන අනුග්‍රාහකයා වුණේ Pepsi සමාගම.
ඒ ඉන්දියානු රුපියල් කෝටි 369.8ක මුදලක් ලබාදෙන්න තීරණය කරපු නිසා. මෙවැනි ආකාරයකට අනුග්‍රාහකත්වය ගන්න තරම් ඉහළ ජනප්‍රිය හා සන්නම් නාමයක් ලැබුණේ ක්‍රිකට් ලෝකයට වගේම ව්‍යාපාරවලටත් බලපාන නව ප්‍රවණතාවක් ඇති කරපු නිසා.
ලෝකේ ජනප්‍රිය ක්‍රීඩකයන් එක කණ්ඩායමකට ක්‍රීඩා කරවීම, විස්සයි-විස්ස තරග ක්‍රමය යොදා ගැනීම, තරග ආරම්භයට මාස 4ක කලින් ඉඳන් පූර්ව ප්රචාරක දැන්වීම් ප්‍රචාරය කිරීම, තරග ආරම්භයට පෙර IPL ප්‍රවේශපත් විකිණී අවසන් වෙන්න ප්‍රබල හේතු වුණා. ඒ වගේම කළුකඩ මුදලටවත් මේ IPL ප්‍රවේශ පත්‍ර හොයාගන්න බෑ. ඒ තරමට ප්‍රේක්ෂක අවධානය මේ IPL සඳහා ලැබී තියෙනවා. ඉන්දියාවේ සියලු චන්ද්‍රිකා තාක්ෂණ රූපවාහිනී නාළිකා (Sony,ESPN,Sun TV ආදී හැම නාළිකාවක්ම) විනාඩි 30කට IPL දැන්වීම් 2ත් 4ත් අතර ප්‍රමාණයක් තරග ආරම්භයට මාස 2කට පෙර සිට පටන් විකාශය කරනවා.ඒ ඉන්දියානු රුපියල් කෝටි 369.8ක මුදලක් ලබාදෙන්න තීරණය කරපු නිසා. මෙවැනි ආකාරයකට අනුග්‍රාහකත්වය ගන්න තරම් ඉහළ ජනප්‍රිය හා සන්නම් නාමයක් ලැබුණේ ක්‍රිකට් ලෝකයට වගේම ව්‍යාපාරවලටත් බලපාන නව ප්‍රවණතාවක් ඇති කරපු නිසා.
IPL කියන්නේ සහභාගි වන ක්‍රීඩකයන්ට සල්ලි තමා. ඒ වගේම තමන්ගේ කණ්ඩායම හොඳම කණ්ඩායම් 4ට ඇතුළත් වුණොත් කණ්ඩායම් හිමිකරුවන්ට 54%ක ආදායමක්ද 6% තරග ආදායමක්ද තෑගි මුදල් ලෙස ලැබෙනවා. ඒ වගේම ඉන්දීය ක්‍රිකට් ආයතනය අමෙරිකානු ඩොලර් බිලියන 1.6ක් බලාපොරොත්තු වනවා තම මධ්‍යකාලීන සැලැසුම්ගත ආදායම හැටියට. මේ අතින් බැලුවාම IPL කියන්නේ ක්‍රීඩකයන්ට, ඉන්දීය ක්‍රිකට් ආයතනයට, කණ්ඩායම් හිමිකරුවන්ට දහසින් බැඳි පියල්ලක්, සල්ලි ආකරයක්.
ඒ වගේම ඉන්දියානු කෝටි 25ක් තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම් අතර බෙදී යනවා. ඒ පළමු කණ්ඩායමට රු. කෝටි 10ත්, 2 වැනි ස්ථානයට ඉන්දියානු රුපියල් කෝටි 7.5ක් හා පිළිවෙළින් 3, 4 ස්ථානවලට ඉන්දියන් රුපියල් කෝටි 3.75ක් බැගින්. මේ වගේ IPL තරගාවලිය ත්‍යාග ලබාදෙන ගමන් රටේ ආර්ථිකයට දෙන උදව්ව නම් අතිවිශාලයි. IPL නරඹන්න එන විදේශ සංචාරකයන් වගේම රූපවාහිනී, අන්තර්ජාල හා නොයෙක් ප්‍රවර්ධන වැඩසටහන් නිසා කෝටි ප්‍රකෝටි ගණනින් ඉන්දියානු ආර්ථිකයට ලැබෙනවා. ඇත්තෙන්ම IPL ආරම්භක අවස්ථාවේදී කවුරුත් බලාපොරොත්තු නොවුණු මේ තත්ත්වය දැන් ඉන්දියා ආර්ථිකයට මහත් අස්වැසිල්ලක්.
ලංකාවෙත් IPL තරගාවලියකට සමාන තරගාවලියක් පැවැත්තුවා. ඒත් ඒකෙන් බලාපොරොත්තු වුණු තරමේ දෙයක් රටට හෝ ක්‍රීඩාවට වුණාද කියන එක නම් සැකයි.
IPL නිසා ව්‍යාපාරවලට ලැබෙන සහාය ගැනත් අමතක කරන්න බෑ. බොහෝ ව්‍යාපාර ආයතන IPL ක්‍රීඩා කණ්ඩායම් සඳහා තම වෙළෙඳ සන්නම් තානාපතිත්වය පවා ලබාදීලා තියෙනවා. බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම රෝයල් ස්ටැග් නමැති ඉන්දියාවේ ජනප්‍රිය පානයක් සඳහා සන්නම් තානාපතිකම දරනවා. ඒ වගේම IPL ක්‍රීඩකයන් තම ආයතනවල වෙළෙඳ දැන්වීම්වලට තනි තනි පුද්ගලයන් වශයෙන් යොදා ගන්න ඉන්දියානු ආයතන පෙලැඹිලා තියෙනවා. ව්‍යාපාර තම වෙළෙඳ ලකුණු, වෙළෙඳ නාම ප්‍රවර්ධනයට මේ IPL ක්‍රීඩකයන් තෝරා ගැනීමෙන්ම ඔබට හිතාගන්න පුළුවන් වෙයි මේ IPL සඳහා තිබෙන ඉල්ලුම.
IPL කණ්ඩායම්වල සන්නම් වටිනාකම කොච්චරක්ද කියලා හොයා බලද්දී IPL සඳහා කොච්චර වෙළෙඳ ඉල්ලුමක් තියෙනවාද කියලා හිතාගන්න පුළුවන්. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අමෙරිකානු ඩොලර් මිලියන 79.13ක වටිනාකමකට තක්සේරු කර තියෙනවා. ඒ වගේම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අමෙරිකානු ඩොලර් මිලියන 75.58කට තක්සේරු වී තියෙනවා.
මේ IPL තරගාවලිය රටේ ආර්ථිකයට, ව්‍යාපාරවලට, ජන ජීවිතයට කොච්චර නම් අස්වැසිල්ලක්ද? මේ නිසා අදාළ ප්‍රාන්ත රජයන් බදු වශයෙන් කෝටි ගණන් ආදායම් උපයනවා. හොඳ සැලැසුමක් ඇතිව ජනතාවට අවශ්‍ය නව ප්රවණතා හඳුනාගෙන මනා කළමනාකරණයෙන් ආරම්භ කරපු IPL අද වෙනකොට සල්ලි ආකරයක් වෙලා.
ඕනෑම දෙයක් හරි විදියට කළොත් ඒක සාර්ථක වෙනවා. ඒ වගේම IPL සඳහාත් 2017 වෙනකල් අනුග්රාහකයෝ පෝලිමේ ඉන්නවා. තමන්ටත් අනුග්‍රාහකත්වයක් ගන්න හැකිවේද කියලා ඒ අය බලන් ඉන්නවා. IPL තරග විකාශය අමෙරිකන් ඩොලර් බිලියන 1.6කට Sonymax රූපවාහිනී ආයතනය මිලදී අරගෙන තියෙනවා.
ව්‍යාපාරයක් වුණත් නව අත්හදා බැලීම් කරන්න අවශ්‍යයි. IPL තරගාවලිය නිසා ලෝකයට අලුත් දෑ හඳුන්වා දෙන්නත් හැකි වුණා. ආරම්භයේ පටන්ම අද දක්වා IPL වෙළෙඳ නාමය රැකගන්නත්, දිනෙන් දින එහි ප්‍රසිද්ධිය ඉහළ නංවන්නත් ඉන්දීය ක්‍රිකට් ආයතනය ඇතුළු සංවිධායකයන්ට හැකිවුණා. ඉතින් ලෝකයේ පාපන්දු, ක්‍රිකට් හා ඔලිම්පික් ලෝක තරගාවලි හා සමාන වැදගත්කමක් වෙළෙඳ වටිනාකමක් තියෙන සන්නම් නාමයක් තමා IPL.
මේ හැමදෙයක්ම බලනකොට IPL නම් රටටත්, ක්‍රීඩකයන්ටත් සල්ලි තමා. හැබැයි තමිල්නාඩු ප්‍රාන්තයත් එහි මහ ඇමැතිනි ජයලලිතාත් මේ IPL සන්නාමය විනාශ කරන්න දක්වන දායකත්වය සුළුපටු නැහැ කියල අවසන් වශයෙන් සඳහන් කරන්න ඕන. IPLවලට ලංකාවේ ක්‍රීඩකයන්ට එන්න දෙන්නේ නැහැ කියලා නටන නාඩගමෙන් පාඩු වෙන්නේ ඉන්දියාවටමයි කියලා මේ උන්දැට නොතේරෙනවා වෙන්න බැහැ. බලය කියන කාරණයේදී රට තියෙන්නේ දෙවැනියට කියන කාරණය තේරුම් ගන්න ජයලලිතාගේ IPL විරෝධයත් හොඳ උදාහරණයක්.
ජයේන්ද්‍ර දිසානායක
මව්බිම පුවත්පත ඇසුරිනි
මව්බිම පුවත්පත ඇසුරිනි