IPL තරගබිමේ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින්ට මොකද වුනේ ?

මත්භේද රැසක් මධ්‍යයේ අයි පී එල් තරගාවලියට සහභාගී වූ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් මෙතෙක් දක්ෂතා අතරට නොපැමිණීම සම්බන්ධයෙන් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ කතාබහක් මතුව තිබෙනවා. තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් අතරින් වැඩිම මිළක් නියම වූ අජන්ත මෙන්ඩිස් මෙතෙක් කිසිදු තරගයකට ක‍්‍රීඩා නොකිරීම විශේෂත්වයක්. 

 මීට අමතරව කුසල් ජනිත් පෙරේරා, තිලකරත්න ඩිල්ෂාන්, සචිත‍්‍ර සේනානායක සහ මුත්තයියා මුරලිදරන් යන ක‍්‍රීඩකයින් මෙතෙක් සහභාගී වී ඇත්තේ තරග දෙකකට පමණක් වීම කැපී පෙනෙනවා. ජීවන් මෙන්ඩිස් දිල්ලිි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට කැඳවනු ලැබුවේ එක් අවස්ථාවකදී පමණයි. තරග 05කදී ලකුණු 84ක් රැස්කර ඇති සංගක්කාර අසාර්ථක පිතිහරඹය හේතුවෙන් සිය කැමැත්තෙන්ම ඊයේ තරගයෙන් ඉවත්වී සිටියා. ඇන්ජලෝ මැතිව්ස් තරග 05කදී රැස්කර ඇත්තේ ලකුණු 52ක් පමණයි. ඔහු නායකත්වය දරණ පූනේ වොරියර්ස් කණ්ඩායම මෙතෙක් සහභාගී වූ තරග හයෙන් තරග දෙකක් පමණක් ජයගෙන තිබෙනවා.

මහේල නායකත්වය දරණ දිල්ලි කණ්ඩායම සහභාගී වූ තරග පහෙන් කිසිදු තරගයක් ජයගෙන නැහැ. කෙසේවෙතත්, තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් අතරින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කර ඇත්තේ මහේලයි. ඔහු තරග 05කදී රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 138ක්. තුන් ඉරියව්වෙන්ම යම්තාක් හෝ සාර්ථක වූ තිසර පෙරේරා තරග 06කදී ලකුණු 117ක් සහ කඩුලූ 09ක් බිදහෙලා තිබෙනවා. ලසිත් මාලිංගටද තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට මෙතෙක් හැකි වී නැහැ.

Gossip Lanka Hot News Previous News Archive