ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිසිවකුට මින් ඉදිරියට චෙන්නායි ගුවන් තොටුපළට ගොඩබැසීමට ඉඩ නොදෙන බව තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් ප්‍රකාශකර ඇත. තමිල්නාඩු ද්‍රවිඩ මාධ්‍ය ඊයේ මේ සම්බන්ධව පැවසුවේ චෙන්නායිහි ලොයෙලා විදුහලේ සිසුන් චෙන්නායි ගුවන්තොටුපළ වැටලීමට සූදානම් වී ඇති බවයි.
මේ තර්ජනය සහ අවදානම නොතකා අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 11 දෙනකු තීරණය කර තිබූ අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඊයේ වනවිට නවදිල්ලි ගුවන්තොටුපළ හරහා ඉන්දියාවට ගොස් තිබිණි.මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට චෙන්නායි නුවරට පැමිණිමට ඉඩ නොදෙන බවට ජයලලිතා කළ ප්‍රකාශයට තමිල්නාඩු මාධ්‍ය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතත් නවදිල්ලි මාධ්‍ය විසින් එය හෙළා දැක ඇත. සමස්ත ඉන්දීය ද්‍රවිඩ සංගමයද නවදිල්ලියේදීද ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතා දැක්වීමට සැලසුම් කර තිබේ.
මේ අතර ඉන්දියාවේ අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට තීරණය කර ඇති ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායම ගැන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් රැසකගේ දැඩි නොසතුට පළවී ඇත.එමෙන්ම ඉන්දියාවේ පැවැත්වෙන අයි. පී. එල්. ක්‍රිකට් තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගි නොවිය යුතු බව ජාතික සංඝ සම්මේලනයේ ලේකම් දොඹගොඩ සාරංග හිමියෝ පැවැසූහ. උන් වහන්සේ මෙසේ පැවසුවේ ඊයේ (02) කොළඹ බෞද්ධ සම්මේලන ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදීය. අයි. පී. එල්. තරගය සඳහා සහභාගි නොවන බව නිර්භීතව පැවසූ ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ට ජාතියේ ගෞරවය පිළිගැනිවිය යුතුව ඇතැයි ද උන් වහන්සේ පැවසීය.
ක්‍රිකට් තරගවලට ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින්ට සහභාගි නොවන ලෙස තමිල්නාඩුවේ මහ ඇමතිනිය පවසා තිබිම නිසා මෙය දැන් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් වී ඇති බවද උන්වහන්සේ පෙන්වා දුන්නේය. එබැවින් තරගවලට සහභාගි වෙනවාද නැද්ද යන්න තීරණය කළ යුත්තේ ක්‍රීඩකයින් විසින් නොවන බවත් ඒ පිළිබඳව රජය සෘජු තීරණයක් ගතයුතු බවත් හිමියෝ සඳහන් කළේය.
අයි. පී. එල්. තරගවලට සහභාගි වීම සඳහා ක්‍රීඩකයින් ගිවිසුම් අත්සන් කර තිබෙන නිසා යම් ප්‍රශ්නයක් ඇති වීමට ඉඩ තිබෙනවා නේදැයි මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් නැගූ අවස්ථාවේ ඊට පිළිතුරු දුන් හිමියෝ පැවසුවේ අන්තර් ජාතික ක්‍රිකට් තරගයක් තම රටේ පැවැත්වීම, රෝගී වීම හා පාලක මණ්ඩලය විසින් තරගයට සහභාගි වීම තහනම් කිරීම යන කාරණාවලදී සහභාගී නොවී සිටීමේ අයිතිය තිබෙන බවයි.
IPL opening ceremony එකේ හිටිය අපේ ක්‍රීඩකයෝ
2.IPL ගියොත් කුණු බිත්තර තමා - Bodu bala Senaක්‍රිකට් තරගවලට ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින්ට සහභාගි නොවන ලෙස තමිල්නාඩුවේ මහ ඇමතිනිය පවසා තිබිම නිසා මෙය දැන් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් වී ඇති බවද උන්වහන්සේ පෙන්වා දුන්නේය. එබැවින් තරගවලට සහභාගි වෙනවාද නැද්ද යන්න තීරණය කළ යුත්තේ ක්‍රීඩකයින් විසින් නොවන බවත් ඒ පිළිබඳව රජය සෘජු තීරණයක් ගතයුතු බවත් හිමියෝ සඳහන් කළේය.
අයි. පී. එල්. තරගවලට සහභාගි වීම සඳහා ක්‍රීඩකයින් ගිවිසුම් අත්සන් කර තිබෙන නිසා යම් ප්‍රශ්නයක් ඇති වීමට ඉඩ තිබෙනවා නේදැයි මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් නැගූ අවස්ථාවේ ඊට පිළිතුරු දුන් හිමියෝ පැවසුවේ අන්තර් ජාතික ක්‍රිකට් තරගයක් තම රටේ පැවැත්වීම, රෝගී වීම හා පාලක මණ්ඩලය විසින් තරගයට සහභාගි වීම තහනම් කිරීම යන කාරණාවලදී සහභාගී නොවී සිටීමේ අයිතිය තිබෙන බවයි.
IPL opening ceremony එකේ හිටිය අපේ ක්‍රීඩකයෝ
3. ක්‍රීඩකයෝ 11ක් අයි.පී.එල්. ගහන්න සූදානම් - Sri Lankan cricketers to play in IPL