මාතර අකුරැස්ස පාරේ උනැල්ල ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ජනතා විමුක්ති පෙරමුණට අයත් ඌරු කොටුවක් එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස බලකරමින් ප‍්‍රදේශවාසීන් අද (01) උනැල්ල ප‍්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත විය.
මෙම ඌරු කොටුව හේතුවෙන් විශාල පාරිසරික ගැටළු ප‍්‍රමාණයක් නිර්මාණය වී ඇති බව පවසා ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් උද්ඝෝෂණ ක‍්‍රියා මාර්ගයක නිරත වූ අතර මාතර පොලීසිය විසින් අදාළ ගැටළුව සම්බන්ධයෙන් ජ.වි.පෙ. පළාත් සභා මන්ත‍්‍රි නීතිඥ ජයන්ත පතිරණ මහතාගෙන් කළ විමසීමකදී පවසා ඇත්තේ අදාළ ඌරු කොටුව නියමිත් ප‍්‍රමිතීන්ට අනුව සිදුකරගෙන යන බවයි.