Pages

විද්‍යාගාර වකුගඩුවක් සාර්ථකව සතුන්ට බද්ධ කරයි - 'laboratory-grown' kidney

විද්‍යාගාරයක් තුළ නිපදවූ වකුගඩුවක් සාර්ථකව සතුන්ට බද්ද කිරීමට අමෙරිකානු විද්‍යාඥයින් පිරිසක් සමත්ව සිටී.විද්‍යාඥයින් පවසන්නේ එම වකුගඩුව තුළින් මුත්‍රා පෙරීම් සාර්ථකව සිදුවන බවය.

මීට සමාන තාක්ෂණයක් යොදාගනිමින් කෘතිමව නිර්මාණය කළ ශරීර අවයව රොගීන්ට බද්ද කර තිබුණ ද වකුගඩුවක් නිර්මාණය කිරීම අතිශය සංකීර්ණ කටයුත්තකි.ස්වභාවික වකුගඩුවක් තරමටම ක්‍රීයාකාරී නොවූවත් මෙම අත්හදා බැලීම අනාගතය පිළිබඳ ඉතා සුභදායී බලාපොරොත්තුවක් බව විද්‍යාඥයින් පෙන්වා දෙ‍න්නේය.ඔවුන් පවසන්නේ මෙම වකුගඩුව අදාළ රෝගියාගෙන්ම ලබාගන්නා සෛල භාවිතයෙන් නිර්මාණය කරන බැවින් එය බද්දකිරීමෙන් අනතුරුව සිරුරෙන් ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොවන බවය.

Scientists make 'laboratory-grown' kidney