මධුගෙන් සක්විති පොඩි සාදුට අභියෝගයක් - Madumadawa Aravinda

'දහ අටේ ගුරුකම් සක්විති' නමින් ජනප්‍රියවී ඇති කජුගහවත්තේ පුන්නජි නමැති සාමනේර හිමියන්ට ජනප්‍රිය ගායක හා කොළඹ නගර සභාවේ ජාතික හෙළ උරුම මන්ත්‍රී මධුමාධව අරවින්ද මහතා විසින් අභියෝගයක් එල්ල කර තිබේ.

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට ප්‍රසිද්ධියක් උසුලන බව කියන මෙම සාමනේර හිමියන්, ගුරුකම් බලයෙන් ඕනෑම අයකු පුටුවේ ඇලවීමට තමාට බලයක් ඇතැයි ප්‍රසිද්ධියේ පවසා තිබිණ. පුලුවන්නම් තමාව එසේ අලවන්නැයි මහාචාර්ය කළෝ ෆොන්සේකා මහතා එම සාමනේර හිමියන්ට අභියෝග කල නමුත්, උන්වහන්සේ ඒ පිලිබදව සැලකිල්ලක් නොදැක්විය.පුළුවන් නම් තමාව එසේ අලවන්නැයි මධුමාධව අරවින්ද මන්ත්‍රීවරයා 'සක්විති' පොඩි සාදුට අභියෝග කලේ ඉන් අනතුරුවය.මධුමාධව අරවින්ද පිළිබඳ මේ දවස්වල බොහෝ දෙනෙකු කතාබහ වෙන්නේ එසේ යන්ත්‍ර මන්ත්‍ර බලයට අභියෝග කිරීම නිසාවෙනි.මෙම අභියෝගය බාර ගැනීම පිළිබඳව මධුමාධව මෙසේ පැවසිය.

"මේක පොදු කාරණාවක්. මම පුංචි කාලේ ඉඳලම ඔය මිත්‍යාවන් සම්බන්ධව හිතුවේ මිනිසුන්ගේ බැරිකම් මිනිසුන් විසින් ම පාවිච්චි කර මෙහෙයවන්නක් ලෙස අදෘශ්‍යමාන කිසිවෙකු මේවා මෙහෙයවන්නේ නැහැ කියලයි.


මේ සමාජයේ ගෞරවනීයයි කියපු ඇතැම් මිනිසුන් සහ ප්‍රභූවරුන් විසින් මිනිසුන්ව මෙහෙයෙව්වා මෙන්න මෙතැනට වැඳපල්ලා,මෙන්න මේකේ මෙහෙම දෙයක් තිබෙනවා කියලා මිසක් උඩින්වත්, පොළොව පළාගෙන වත්, අහස දෙබෑ කරගෙන වත් ආපු කිසිවෙකු මම කිසිදාක දැකලා නැහැ.

ඒ නිසා මම මේ අභියෝගය බාර ගත්තා. මිත්‍යාව කියන දේ ඇතුළේ සීමාව පන්නලා මිනිස්සු ඒවා විශ්වාස කළාම තමන්ට තමන්ව නැතුව යනවා.ඔය අදෘශ්‍යමාන කිසිම බලවේගයක් බැරි මිනිහෙකුගේ නිවෙසක වහලයට එක පොල් අත්තක් බැඳලා දීලා නැහැනේ. කටින් කියනවා මිසක් ඔය බලවේග කරපු දෙයක් නැහැ.

එහෙම ඔය ශාස්ත්‍රයෙන් කරන්න පුළුවන් නම් යක්කු, භූතයෝ ඇතුළු කරලා මිනිස්සු වැඩ නොකර භූතයෝ වැඩ කරන ලෝකයේ පළමුවැනි රට බවට අපේ රට පත් කරන්න පුළුවන්නේ. එතකොට ඇමෙරිකාව බය වෙයි අපේ රටට.මේ රටේ දුක් පීඩා විඳින නූගත් අහිංසක මිනිස්සු අල්ලාගෙන රවටනවාට එරෙහිවයි මං මේ අභියෝගය කරන්නේ. මිනිසුන්ගේ දුක පාවිච්චි කරලා කීයක් හරි හොයන එක වැරදියි. මං අභියෝග කරන්නේ එයටයි.”

-සබැදි පුවත්-

Gossip Lanka Hot News Previous News Archive