
මිය ගිය පුද්ගලයන් ගණන මේ වන තෙක් නිල වශයෙන් ගණන් බලා නැත. එම ප‍්‍රමාණය මීට වඩා බොහෝ සෙයින් ඉහල යා හැකි යයිද සඳහන්ය.පිපිරීමෙන් පසු කර්මාන්ත ශාලාව තුල විශාල පිරිසක් සිරවී සිටින අතර ගිනි නිවන කණ්ඩායම් සහ ආරක්ෂක අංශ ගින්න මැඩපවත්වීමේ කටයුතු සිදු කරමින් සිටී.සිරවී සිටින පුද්ගලයින් බේරාගැනිමේ කටයුතු සදහා හෙලිකොප්ටර් යානාද යොදවා ඇත.සිද්ධියෙන් ගොඩනැගිලි 10-15 පමණ විනාශ වී ඇති අතර තවත් ගොඩනැගිලි 50කට පමණ හානි සිදුවී ඇත.