පවුලේ අභිලාෂ මුදුන්පත් කර ගැනීම සඳහා ජනතාව උගසට තබා සකස් කළ වැඩකට නැති ගුවන්තොටුපළ ගැන විශාල මුදලක් වියදම් කර, ප්‍රචාරණ කටයුතු සිදු කරමින් තව තවත් ජනතා මුදල් කාබාසිනියා කර දමන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කළේය.
ඊයේ (25) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙතරම් ප්‍රචාරයක් දෙන රටක් ලෝකයේ තව කොහේවත් නොමැති බවයි. පවුල විසින් සිදු කරනු ලබන මෙම සියලුම දේවල් සිදුකරන්නේ මේ රට තම පවුලට පමණක් අයත් බව සිතා බවද සභාපතිවරයා සඳහන් කළේය. එහෙත් මේ සියලුම දේ සිදුකරන්නේ ජනතාව උගසට තබා බවත්, අවසානයේදී මේ සියලු ණය ගෙවීම සිදුකළ යුතු වන්නේ පවුල නොව මේ රටේ අහිංසක ජනතාවම බව මතක තබාගත යුතු බවද ආචාර්යවරයා පවසා සිටියේය.
මේ පිළිබඳව සාමාන්‍ය ජනතාවට දැනී තිබුණත් තවම ඒ පිළිබඳව ජනතාව නිහඬව සිටීම ගැන ගැටලුවක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.