පැපිලියාන ගැටුමේ සැකකරුවන් නිදහස් - Pepiliyana attack incident settled

පැපිලියාන ප්‍රසිද්ධ රෙදිපිළි වෙළඳසැලකට පහරදීමේ සිදුවීමට අදාළව දෙපාර්ශවය සාමදානවීමට එකඟතාව පළකර තිබේ. අදාළ නඩුව අද (02) කැඳවූ අවස්ථාවේදී ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේදි මෙසේ එකඟතාව පළකර ඇත. ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබූ හා පොලීසියට භාරවූ සැකකරුවන් 17 දෙනා නිදහස් කිරීමට අධිකරණය විසින් තීරණය කළ බව සඳහන්ය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අධිකරණයට දැන්වූයේ අගතියට පත් පාර්ශවය සිද්ධිය සමථයට පත් කර ගැනීමට කැමැත්ත පළකර ඇති හෙයින් හදුනා ගැනීමේ පෙරට්ටුවක් අනවශ්‍ය බවයි.

බුද්ධ ප්‍රත්‍රයන් බුදුන් දෙසූ ධර්මය අනුව සමාජය ආරවුල් ඇති නොකර සමාජය එකමුතු කරමින් මහජනතාවට හොද නරක කියා දිය යුතු යැයි නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා පැෂන් බග් නඩුවේ සැකකරුවන් නිදහස් කරමින් කියා සිටියේය. බුද්ධ පුත්‍රයන් හැමවිටම බුදුන් අනුදැන වදාළ මග යායුතු බව ද මහේස්ත්‍රාත්වරයා සැකකාර හිමිවරුන් තිදෙනාට ප්‍රකාශ කළේය.

කොරළවැල්ල පුරාණ රජමහා විහාරයේ දම් පහළ රාහුල, ගල්කිස්ස තෙලවල සිරි විජය ධර්මායතනයේ දම්පහල ඥානරතන, කොරලවැල්ල පුරාණ රජ මහා විහාරයේ අනුරාධපුර පාලිත, පැපිලියානේ ටී එච් එම් ප්‍රේමකුමාර, පැපිලියානේ සජිත් ලක්මාල් (සන්නිවේදන ආයතන හිමිකරු) දිවුලපිටියේ පී කේ චන්ද්‍රසිරි (ව්‍යාපාරික), ප්‍රභාත් ජයෂාන්ත, දිවුලපිටියේ ඊ ටී චම්පික, කොහුවල ලලිත් ධර්මප්‍රිය, බොරලැස්ගමුවේ රනිල් ප්‍රනාන්දු (ත්‍රීරෝද රියදුරු), ප්‍රසන්න විමල් ද සිල්වා (පංසලක සේවක) උසාවියට ඉදිරිපත් කළ සැකකරුවන් අතර වූහ.

මේ අතර, එජාප මන්ත්‍රී කරු ජයසූරිය මහතා අද (02) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, පැපිලියාන සිද්ධිය ගැන මේවන විට මුළු ලෝකයම දන්නා බවත් මේ නිසා ශ්‍රී ලංකාවට අපකීර්තියක් සිදුව ඇති බවත්ය.

Gossip Lanka Hot News Previous News Archive