බන්ධනාගාර රියෙන් ආපසු යයි
අමාසික රැස්වීමට සහාභාගී වීමට බන්ධනාගාරයේ සිට ආ මොරටුව උප පුරපති සුජිත් පුෂ්ප කුමාර මහතාට අද (26 සංඝයාවහන්සේලා ප්රමුඛ පිරිසක් විසින් මග ඇහිරීම නිසා සහභාගිවීමට නොවුණි.ඔහු පැය දෙකකට ආසන්න කාලයක් බන්ධනාගාර රියේ හිරවී සිට දැඩි ආරක්ෂාව මධ්‍යයේ යළි බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.
මොරටුව එගොඩ උයනේ සුනන්දෝපානන් දාරාමයේ විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන් කපා කොටා ඝාතනය කළ සිද්ධියේ පළමු සැකකරු වන්නේ මොරටුව උප නගරාධිපතිවරයාය.මේ ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් නව දෙනෙකු මේවන විට රිමාන්ඩ් බාරයේ පසුවේ.මෙසේ රිමාන්ඩ් භාරයට පත් කර සිටින්නේ එස්. ධනුෂ්ක ප්‍රනාන්දු, සුදේශ් ධනුෂ්ක ප්‍රනාන්දු, එම්. දිනේෂ් ලක්මාල්, චින්තක රුවන්ද සිල්වා, තිරුමලන් ඉලන්කෝන්, දුරේෂානි කේසවන්, ඉෂාන් කාවින්ද හා දිල්රුක් මෙන්ඩිස් යන නව දෙනාය.
විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියෝ පසුගිය මාර්තු 03 වැනිදා කපාකොටා ඝාතනය කර තිබිනි.මේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරණ සැකකරුවන් දෙදෙනෙකු ද බණ්ඩාරගම දැල්කඩ දී අත් පා බැඳ වෙඩි තබා ඝාතනය කර තිබිනි.ඝාතනයට ලක් වන විට උන් වහන්සේ 46 වැනි වියේ පසුවිය.
ඝාතනයට ප්‍රාදේශීය දේශපාලඥයෙක් සම්බන්ධ බවට තොරතුරු වාර්තා වූ අතර ඒ අනුව සැකපිට මොරටුව උප නගරාධිපතිවරයා ද පසුදින සවස අත්අඩංගුවට ගැනිණ.මොරටුව එගොඩ උයනේ සුනන්දෝපානන් දාරාමයේ විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන් කපා කොටා ඝාතනය කළ සිද්ධියේ පළමු සැකකරු වන්නේ මොරටුව උප නගරාධිපතිවරයාය.මේ ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් නව දෙනෙකු මේවන විට රිමාන්ඩ් බාරයේ පසුවේ.මෙසේ රිමාන්ඩ් භාරයට පත් කර සිටින්නේ එස්. ධනුෂ්ක ප්‍රනාන්දු, සුදේශ් ධනුෂ්ක ප්‍රනාන්දු, එම්. දිනේෂ් ලක්මාල්, චින්තක රුවන්ද සිල්වා, තිරුමලන් ඉලන්කෝන්, දුරේෂානි කේසවන්, ඉෂාන් කාවින්ද හා දිල්රුක් මෙන්ඩිස් යන නව දෙනාය.
විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියෝ පසුගිය මාර්තු 03 වැනිදා කපාකොටා ඝාතනය කර තිබිනි.මේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරණ සැකකරුවන් දෙදෙනෙකු ද බණ්ඩාරගම දැල්කඩ දී අත් පා බැඳ වෙඩි තබා ඝාතනය කර තිබිනි.ඝාතනයට ලක් වන විට උන් වහන්සේ 46 වැනි වියේ පසුවිය.