Pages

සංගාට එරෙහිව තමිල්නාඩුවේ උද්ඝෝෂණ - Protest against Sanga and Tissera in Tamil Nadu

කුමාර් සංගක්කාර සහ තිසර පෙරේරා අයි.පී.එල් තරගාවලියේ සියලූ තරගවලින් ඉවත් කරන්නැයි බලකරමින් තමිල්නාඩුවේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය පිරිසක් උද්ඝෝෂණයක නිරත විය.ඔවුන් 'සන්' රූපවාහිනියේ චෙන්නායි කාර්යාලය ඉදිරිපිටට රොක් වී එලෙස උද්ඝෝෂණයේ නිරත වූ බව ඉන්දීය මාධ්‍ය පවසයි.
කුමාර් සංගක්කාර සහ තිසර පෙරේරා යන දෙදෙනාම හයිද්‍රාබාද් සන්රයිසස් කණ්ඩායම නියෝජනය කරයි.එම කණ්ඩායමේ හිමිකම දරන්නේ 'සන්' රූපවාහිනියේද හිමිකරු කලානිධිමාරන් මහතය. ඔහු තමිල්නාඩු හිටපු ප‍්‍රධාන අමාත්‍ය එම්. කරුණානිධිගේ පුත‍්‍රයෙකු වේ.ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 3 වන තරගය පූනේ වොරියස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර අද (05) හයිද්‍රාබාද් හිදී පැවැත්වේ. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පූනේ වොරියස් කණ්ඩායමේ නායකත්වය දරණ අතර, අජන්ත මෙන්ඩිස් ද එම කණ්ඩායමට ඇතුළත්වේ.