ජයලලිතාගේ සල්ලිවලට ඇඟ විකුණන්න අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් ඉන්දියාවේ අයි. පී. එල්. තරගවලට සහභාගි වන බව රාවණා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.අයි. පී. එල්. ගිහින් ආපසු ලංකාවට එනකොට කරන දේ දැන්ම නොකරන බව පැවැසූ සද්ධාතිස්ස හිමියෝ එදාට කරන දේ කරන බවට තරවටුවක්ද කළහ.
ඒ හිමියන් මේ බව කීවේ ඉන්දියා අයි. පී. එල්. තරගාවලියට මෙරට ක්‍රීඩකයන් සහභාගි වීමට විරුද්ධව, ක්‍රිකට් පාලක මණ්ඩලය ඉදිරිපිට ඊයේ (03දා) පැවැති විරෝධතාවකට සහභාගි වෙමිනි.මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් තම තනි කැමැත්තට ඉන්දියාවේ තරගාවලියට සහභාගිවන්නේ නම් ඔවුන්ට ඒ සඳහා අයිතියක් ද ඇත්නම්, තමිල්නාඩුවේදී යම් ප්‍රහාරයක් එල්ල වුවොත් රජය හෝ ක්‍රිකට් පාලක මණ්ඩලය එයට වග නොකිය යුතු අතර ඔවුන්ගේ මවුපියන්ටම වගකීම භාරදිය යුතු බව ඒ හිමියෝ පැවැසූහ.නිශාන්ත රණතුංග මහතා බොහොම සැර පුද්ගලයකු බවත්, තමන් හෝ තම සංවිධානය ඒ සැරවලට බිය නොවන බවත් රටක නීතිය තමන් අතට ගැනීමට අකැමැති බැවින් රටක සිවිල් නීතියක් තිබෙන බව ඒ මහතා මතක තබා ගතයුතු බවත් සද්ධාතිස්ස හිමියෝ පැවැසූහ.
බණ්ඩාරනායක අනුස්මරණ ශාලාව, නෙලුම් පොකුණ වැනි දෑ අපට ලැබුණේ චීනය නිසා බවත් ඉන්දියාව මෙරටට ලබා දුන්නේ කොටි පමණක් බවත් පැවැසූ ඒ හිමියෝ මෙරට රීරි මාංසය උරා බොන රටට මෙතරම් බිය පක්ෂපාතව කටයුතු කරන්නේ මන්ද යැයි ප්‍රශ්න කළහ.
මුදලට රට පාවා දෙමින්, තමන්ගේ සාක්කුව ගැන විතරක් හිතන තත්ත්වයට අද ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති බවත්, ක්‍රිකට් පාලක මණ්ඩලයට අවශ්‍ය විදියට රට පාවාදීමට තමන් ඉඩ නොදෙන බවත් උන්වහන්සේ කීහ.ජනාධිපතිවරයා තිස් වසරක යුද්ධය අවසානයේ පැවැසුවේ පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් හිතනුයේ රට පිළිබඳ බවයි. එහෙත් ක්‍රිකට් ක්‍රීඩකයන්ට පළමුවත් දෙවනුවත්, තෙවනුවත් සල්ලි වන අතර ඉඩක් තිබුණහොත් පමණක් රට ගැන හිතන තැනට අද ඔවුන් වැටී ඇති බව ඒ හිමියෝ පැවැසූහ.
මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් ඉන්දියාවේ අයි. පී. එල්. තරගාවලියට සහභාගි වනුයේ ජයලලිතාට පාඩමක් ඉගැන්වීමට යැයි කීවද, සංගක්කාර, මැතිව්ලාට ඊට හැකියාවක් ලැබෙයිද යන්න ගැටලුවක් බවත් සංගක්කාර ලෝකේ පුරා දේශන පැවැත්වුවද තම රටට ආදරයක් දක්වන පුද්ගලයකු නොවීම ලැජ්ජාවට කාරණයක් බවද සද්ධාතිස්ස හිමියෝ කීහ.දෑත් එක්කොට අත්පොළසන් දුන් ක්‍රිකට් ලෝලීන්ගෙන් මේ ක්‍රිකට් ක්‍රීඩකයන් කුණු බිත්තර කන දිනය වැඩි අෑතක නොවන බවත් රාවණා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.
2.IPL ගියොත් කුණු බිත්තර තමා - Bodu bala Sena
3. ක්‍රීඩකයෝ 11ක් අයි.පී.එල්. ගහන්න සූදානම් - Sri Lankan cricketers to play in IPL
2.IPL ගියොත් කුණු බිත්තර තමා - Bodu bala Sena
3. ක්‍රීඩකයෝ 11ක් අයි.පී.එල්. ගහන්න සූදානම් - Sri Lankan cricketers to play in IPL
Ravana Balaya protest against IPL