තම ප්රජාතන්ත්රවාදී පක්ෂයට එක්වීම සදහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ප්රබල දේශපාලඥයන් පිරිසක් මේ දින වල සාකච්ජා කරමින් සිටින බව එම පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසීය. ජනාධිපතිවරයාගේ ක්රියාකලාපය පිළිබද ආණ්ඩු පක්ෂයේ බහුතරක් ප්රබලයන් කලකිරීමෙන් පසුවන බවත් තම පක්ෂයේ වැඩපිළිවෙලට ඔවුන් බොහෝ දෙනාගේ එකගත්වය පළ වූ බවත් ඒ මහතා ප්රකාශ කළේය.
රට මුහුණපා ඇති අදුරු තත්ත්වයෙන් ගොඩ ඒක සදහා නව ජවයකින් හා පැහැදිලි විශ්වාසයකින් යුතුව දේශපාලන ගමනක් යාමට ප්රජාතන්ත්රවාදී පක්ෂය කටයුතු කරන බවද පවසන සරත් ෆොන්සේකා මහතා හමුදා සෙබළුන්ගේ හා පොලීස් නිලධාරීන්ගේ ආත්ම ගරුත්වය කෙලෙසීමට වත්මන් පාලකයා කටයුතු කර ඇති බවත් තම පක්ෂය බලය දිනාගත් දිනක ඔවුන්ට යුද්ධය දිනා ගැනීමට කළ කාර්යභාරයට වටිනාකමක් ලබාදෙන බවද සඳහන් කරයි.
තමා සිරගත කිරීමට හෝ ඝාතනය කිරීමට ආණ්ඩුවේ සූදානමක් තිබෙන බවද පවසන සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් සදහන් කරන්නේ රටේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් සුරක්ශිත කිරීමට යන ගමන වෙඩි උණ්ඩවලින් වැළැක්වීමට නොහැකි බවයි.