අන් සතු ගිණුමකින් රුපියල් එක්ලක්‍ෂ විසි දහසක් වංචා සහගත ලෙස ලබාගත් බව කියන ටෙලි නාට්‍ය නිළියක වන රාජගිරියේ පදිංචි මනීශා ශ්‍යාමලීට ලබන මැයි 9 වැනි දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොටුව මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පෙරේදා (24දා) නොතීසි නිකුත් කෙළේය.
මීට මාස කිහිපයකට ඉහතදී මියගිය බව සඳහන් එඩ්මන් වික්‍රම පතිරණ නමැත්තකු සතු ගිණුමකින් කේරඩිට් කාඩ් පතක් උපයෝගී කර ගනිමින් මෙම මුදල වංචා කර ඇති බවට ඔහුගේ දියණිය බව කියන සාරාංගි ධනුකා එඩ්මන් වොට්නි යන අය කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර ඇත.
එම පැමිණිල්ල අනුව සැකකාරිය කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ
පොලිස් ඇප මත මුදාහැර තිබුණු අතර පෙරේදා මේ සම්බන්ධයෙන් පොලිසිය කොටුව
අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ නොතීසි නිකුත්
කෙරිණි.