හම්බන්තොට රිදියගම ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ පළමු සෆාරි උද්‍යානය ලෙසින් ඉදිවෙමින් පවතින සෆාරි උද්‍යානය එළැඹෙන ඔක්තෝබර් මාසයේ දී සංචාරකයින් සඳහා විවෘත කිරීමට එහි ඉදිකිරීම් කටයුතු කඩිනම් කොට තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරකයින් සඳහා නැරඹීමට සුන්දර ස්ථාන, ජාතික උද්‍යාන, අභය භූමි හා වන රක්ෂිත ප්‍රදේශ පැවතිය ද සෆාරි උද්‍යානයක් පිහිටා නොතිබිණි.සෆාරි උද්‍යානය අක්කර 500ක් පුරා විහිදි ඇති අතර ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ මෙහි අධීක්ෂණ කටයුතු සිදු කෙරේ.
උද්‍යානය කලාප 4කට වෙන් කිරීමට නියමිත අතර මාංශ භක්ෂක සතුන් කලාප දෙකකට ද අනෙක් කලාප දෙක ශාක භක්ෂක සතුන් සඳහා ද වෙන් කෙරේ. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1600ක් වැය වෙතැයි අපේක්ෂිතය.
*Sri Lanka’s first Safari Park is coming up at Ridiyagama in Hambantota.