කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් සන්රයිස් හියිද්‍රාබාද් කණ්ඩායම, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවැති තරගයකින් කඩුලු 3ක ජයක් වාර්තා කළේය.මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම ඔවුන් හමුවේ පරාජයට විය.දිල්ලිහි ෆෙරෝස් ෂා ක්‍රීඩාංගණයේදි පැවැති තරගයේ කාසිය වාසිය දිනු දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 8ක් දැවී ලබාගත් ලකුණු ගණන 114කි.කේඩර් ජාඩේව් නොදැවී ලකුණු 30ක් ලබා ගත්තේය.කෙසේ වෙතත් හයිද්‍රාබාද් පන්දුයවන්නන් හමුවේ කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට සාර්ථකවීමට නොහැකි විය.
නායක මහේල ජයවර්ධන ලකුණු 12කට දැවී ගියේය.පන්දු යැවීමෙදි ඩේල් ස්ටේන්, ඉෂාන්ත් ෂර්මා හා තිසර පෙරේරා කඩුලු 2 බැගින් දවා ගත්තේය.ලකුණු 115ක ඉලක්කයක් සමග පිටියට පිවිසි සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් තුළ ජයග්රාහි ඉලක්කය පසු කළේ කඩුලු 7ක් පමණක් දැවී තිබියදීය.
නායක කුමාර් සංගක්කාර ලකුණු 28ක් ලබා ගත්තේය.මෝර්නි මෝකල් සහ ෂහ්බාස් නදීම් කඩුලු 2 බැගිනි දවා ගැනීමට සමත් විය.