Pages

Thanha Rathi Ranga – තණ්හා රති රඟා

වසර 30ක සිවිල් යුද්ධයෙන් බැට කෑ සමාජ වටපිටාවක් මතින් ගොඩනැගුනු මේ චරිත හරහා යුධ සමයේ ලාංකික වටපිටාව මූර්තිමත් කිරීමට මේ චිත්‍රපටය සමත් වී ඇත. තිස් වසරක ජනවාර්ගික අර්බුදය නිසා කලක් අත්හැර දමා තහනම් කර තිබූ ප්‍රදේශයක සංචාරයේ යෙදෙන මිතුරන් තිදෙනෙකු වටා දිවෙන නිලේන්ද්‍ර දේශප්‍රියයන්ගේ නවතම චිත්‍රපටයයි තණ්හා රතී රඟා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත වන විමල්, සුරාජ් හා සිරිතුංග විශේෂ චරිත තුනකි.ත්‍රී රෝද රථ රියදුරෙක් වන විමල් කපටි ආවේගශීලී නිතර රණ්ඩු සරුවල් වලට එක්වෙන පුද්ගලයෙකි. සුරාජ් අපැහැදිලි හේතුවක් නිසා සංවේගයට පත් සංවේදී සරසවි සිසුවෙකි. අනෙකා, සිරිතුංග කාර්යශූර තිදරු පියෙකි. වසර 30ක සිවිල් යුද්ධයෙන් බැට කෑ සමාජ වටපිටාවක් මතින් ගොඩනැගුනු මේ චරිත හරහා යුධ සමයේ ලාංකික වටපිටාව මූර්තිමත් කිරීමට මේ චිත්‍රපටය සමත් වී ඇත.මොවුන් තිදෙනාගේම බලාපොරොත්තුව ධනයෙන්, ප්‍රේමයෙන් හා නිදහසෙන් පිරි අනාගයකි. නමුත් මනුෂ්‍ය වර්ගයාගේ බියගුලු ස්වභාවයත් පටු අදහස් ඇති බවත් නිසා ඒ අනාගත බලාපොරොත්තු වියැකී යයි. තමන්ගේ සිහින සපුරාගන්නට තරම් මේ අය ශක්තිමත් නැති බව, ඔවුන් සිහින දකින අයගේ මට්ටම ගැන දැනගන්නා විට ඔවුන් ප්‍රමාදයි.
අලුතින් පිබිදුනු ලොව තුල නව වික්‍රමාන්විත ගමන හරාහා සිය බලාපොරොත්තු සපුරාගන්නට ඔවුනට හැකි වේද?
Director: නිලේන්ද්‍ර දේශප්‍රිය
Actors: අනෝජා වීරසිංහ, කුමාර තිරිමාදුර, නාමල් ජයසිංහ, සරත් කොතලාවල, ස්වර්ණා මල්ලව ආරච්චි
Producer: නිලේන්ද්‍ර දේශප්‍රිය, රේනුකා බාලසූරිය