තරුෂි පෙරේරා
රැයක් පහන් වෙද්දී ජනප්‍රිය තරුවක ලෙස කිරුළු නොදැරුව ද, සෙමෙන් සෙමෙන් ගොඩනගාගත් ජනප්රසාදය අද ඇය ජනප්‍රිය තරු රෑනේ එක් තරුවක් බවට පත් කර තිබෙනවා. තරුෂි පෙරේරා අද අප හා එක්වන්නේ සුවහසක් රසවතුන්ගේ ආදරණීය තාරකාව ලෙසයි.
තරුෂි මොනවද මේ දවස්වල කරන්නේ.
මම රඟපෑ ටෙලි නාට්‍ය අතරින් 'සොඳුරු ගිම්හානය' විකාශය වෙනවා. අලුත් ටෙලි නාට්‍යයකට ඇරයුමක් ලැබිල තියෙනවා. වැඩිපුර ගතවෙන්නේ මගේ රූපලාවන්‍යාගාරයේ තමයි.
කොහේද තරුෂි ඔබේ රූපලාවන්‍යාගාරය තියෙන්නේ.
මහරගම සැලෝන් තරූ නමින් රූපලාවන්‍යාගාරයක් අරඹල තවම මාස දෙකයි.
ඇයි ව්‍යාපාරිකාවක් වෙන්න හිතුණෙ.
රඟපෑම මගේ ජීවන වෘත්තිය විදිහට පවත්වාගෙන යන්න කවදාවත් වුවමනා වුණේ නැහැ. මම සැලසුම් කළේ මගේම කියල යමක් කරන්නයි. ඒ අනුව මම රූපලාවන්‍ය කටයුතු ඉගෙන ගෙනත් තිබුණ නිසා මෙම ව්‍යාපාරය ආරම්භ කළා.
පසුගිය දවස්වල ඔබ රඟපෑ 'රිදී සිත්තම්' ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය හිටිහැටියේ අතුරුදන් වුණේ ඇයි?
කිසිම හේතුවක් නැහැ. ඔවුන් මට කිsසිදු දැනුම්දීමක් කළෙත් නැහැ. මම දිනයක් ලබාදීලා බලාගෙන හිටිය. නමුත් මට කැඳවීමක් කළේ නැහැ. ගොඩක් අය මගෙන් මේ චරිතය ගැන විමසුවා. නමුත් මට දෙන්න තියෙන උත්තරය එපමණයි.
ව්‍යාපාරය නිසා තරුෂි රංගනයට තියෙන කැපකිරීම අඩුවෙලාද?
නැහැ. දෙපැත්තටම එකවගේ කැපකිරීමක් කරල සමබරව පවත්වාගෙන යන්න තමයි උත්සාහ කරන්නේ. නිර්මාණයකට ඇරයුම් නොලැබුණ කාලවල සම්පූර්ණයෙන් ම රූපලාවන්‍යාගාරය වෙනුවෙන් වෙන් කරනවා.
පෞද්ගලික ජීවිතයේ වෙනසක් වෙන්න ඕන කාලෙ කියල නොසිතනවද?
ජීවිතයේ සමහර දේවල් තියෙනව උනන්දුවෙන් උත්සාහයෙන් ජය ගන්න ඕන. නමුත් ආදරය, විවාහය වැනි දේවල් පිළිබඳව තත්ත්වය ඊට වඩා සංකීර්ණයි. ඒ වගේ දේවල් තමුන්ගේ ජීවිතවලට ළඟාවෙන තුරු ඉන්න ඕන කියලයි මම හිතන්නේ.
තරුෂිට ආදරයට ආරාධනා ලැබෙනව ඇතිනෙ.
ආරාධනා නම් ලැබෙනව. ඒත් ඒ කිසි දෙයක් ගැන ලොකු උනන්දුවක් ඇතිවුණේ නැහැ.
ඔය විදිහට තරුෂි විවාහය ගැන තීරණයක් නොගෙන ඉන්නද හිතන්නෙ.
ජීවිතය එක්ව පවත්වාගෙන යන්න පුළුවන් කෙනෙක් මුණගැහුණ දවසකට මමත් ඒ තීරණය ගන්නවා. ඒ ගැන හදිස්සියක් නෑ. කොහොමටත් මම ජීවිතේ ප්‍රශ්න ගැන බැරෑරුම්ව හිතන කෙනෙක් නෙමෙයි.
කටකතා ගැන ඔබට මොනවද හිතෙන්නේ.
මට නම් මේ වෙනතුරු කටකතා ප්‍රශ්නයක් වෙලා නැහැ.
කටකතාවක් නිසා කවදාවත් තරුෂිට රිදිලා නැහැ කියලද කියන්නෙ.
හිත රිදුණ අවස්ථා තියෙනවා, කවදාවත් අහල දැකල නැති දේවල් ගැන යම් යම් අවස්ථා. නමුත් මට ඒව විශාල බලපෑමක් නම් නැහැ.
නිළියක් හා රූපලාවන්‍ය ශිල්පිනියක් නිසා රූපය ගැන උනන්දුව වැඩියිද?
මම කවදත් සරලව ඉන්න කැමැතියි. ලොකු දේවල් කරන්නෙ නැහැ. විශේෂ අවස්ථාවකට හැර බාහිර ආලේපන මම යොදා ගන්නේම නැතිතරම්.
ක්ෂේත්රයේ අය අතර හරියට අමනාපකම් ඇතිවෙනව නේද? තරුෂිත් මේ අවස්ථාවලට මුහුණදීලා තියෙනවද?
හිතේ තියාගෙන ගෙදර ගෙනියන්න තරම් තරහ අමනාපකම් මට නැහැ. යම් යම් සිදුවීම් වුණත් මම ඒ ගැන ලොකුවට හිතන්නෙ නැහැ. මම තරහවල් මතක තියාගෙන ජීවත්වෙන්නෙත් නැහැ.
තරුෂි කැමැති මොන වගේ චරිත රඟපාන්නද?
රඟපාන්න යමක් තියෙන චරිත ලැබෙනව නම් කැමතියි. එකම රටාවක චරිතවලට කොටුවෙන්න නම් ආස නැහැ.
ගොඩක් නළු නිළියන් ජනප්‍රිය වෙන්නෙ බාහිර පෙනුම නිසාද දක්ෂතාවටද?
බාහිර පෙනුම ජනප්‍රියත්වය ලබන්න ලේසි දෙයක්. නමුත් දක්ෂතාවත් හැකියාවත් නැතිව චරිතයක් සාර්ථක කර ගන්න බැහැ. බාහිර පෙනුම නැති වුණාට ජනප්‍රියත්වයේ ඉහළටම ගිය දක්ෂ රංගන ශිල්පීන් ඕන තරම් ඉන්නවා. ඒ නිසා බාහිර පෙනුම රංගනයට පිවිසෙන්න මහා බලපෑමක් ඇති කරන්නේ නැහැ.
ධම්මිකා සුරංජි පතිරණ