යාපනය, කස්තුර්යාර් වීදියේ පිහිටා ඇති උදයන් පුවත්පත් කාර්යාලයට අද (13) අලුයම යළිත් මැර ප්‍රහාරයක් එල්ලවී තිබේ.ගිනි අවි අතින් ගත් පිරිසක් අලුයම 5.00 ට පමණ කාර්යාලයට පැමිණ අහසට වෙඩි තබා එහි සිටි සේවකයන් පළවා හැර මුද්‍රණ අංශයට ඇතුළුවූ බවත්, පසුව මුද්‍රණ යන්ත්‍රයට පෙට්‍රල් දමා ගිනි තැබූ බවත් උදයන් කර්තෘ පී.
ප්රේමනාන්ද් මහතා පවසයි.ඒ වනවිට බෙදාහැරීම සඳහා සූදානම් කර තිබුණු පුවත්පත් තොගයක්ද එකී ගින්නටම දමා පුළුස්සා ඔවුන් යන්නට ගිය බව හෙතෙම කියා සිටී.මෙම ගිනි තැබීමෙන් මුද්‍රණ යන්ත්‍රය මුළුමනින්ම දැවී පිළිස්සී ගොස් ඇති බවත්, තම සේවකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්නයක් උද්ගතවී ඇති බවත් ඔහු සඳහන් කරයි.මීට පෙර අවස්ථාවන් ගණනාවකදී උදයන් පුවත්පතේ මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කිරීම, පුවත්පත් බෙදාහරින්නන්ට පහරදීම, තර්ජන කිරීම දිගින් දිගටම සිදුවුවත් ඒ සම්බන්ධයෙන් කිසිදු සොයාබැලීමක් සිදුනොවූ බව ප්රේමනාන්ද් මහතා සිහිපත් කරයි.
උදයන් පුවත්පත් කාර්යාලයට අළුයම සිදුවූ ප්‍රහාරයෙන් පසු එහි දසුන් සහ පොලිස් සුනඛයන් යොදාගෙන පරීක්ෂණ සිදුකරන ආකාරය
The printing section of the Uthayan Tamil newspaper office in Jaffna has been set on fire by an unidentified armed group at around 5 am today, sources said.Accordingly, three armed men first threatened the security guard of the office and later opened fire at the computers as well as the printing machines, before set on fire them.Few weeks ago an unidentified group attacked the Kilinochchi office of the Uthayan newspapers injuring at least three persons and damaging a van.