අවුරුදු හයක බාල වයස්කාර පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ බවට ගල්කිස්ස පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ එකොළොස් හැවිරිදි පාසල් සිසුවකු ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය විසින් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මවුපියන් වෙත භාර කරමින් සැකකාර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කරනු ලැබීය.
රත්මලාන ප්‍රදේශයේ පාසලක හය වසර ඉගෙනුම ලබන එකොළොස් හැවිරිදි සිසුවකු මෙසේ ශරීර ඇප මත මුදා හැරිණි.අපයෝජනයට ලක්වූ සිසුවිය පළමු වසර ඉගෙනුම ලබන රත්මලාන තෙලවල ප්‍රදේශයේ පදිංචිව සිටින බව පැවැසේ.
සැකකාර සිසුවා මෙම දැරියගේ ඥාති සහෝදරයකු බව පැවසෙන අතර කලක සිට සිසුවියගේ නිවසේදී නොයෙක් ආකාරයට ඇයව අපයෝජනයට ලක්කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.දැරියට සිසුවා විසින් කරනු ලබන අපයෝජන සම්බන්ධයෙන් ඇය දිනක් සිසුවියන්ට පවසා සිටිනු ලැබූ අවස්ථාවක පන්තිය භාර ගුරුවරියගේ කනට මේ බව ඇසී ඇත.පන්තිය භාර ගුරුවරිය සිසුවියගෙන් මේ පිළිබඳව විස්තර විමසා සිටිනු ලැබූ අවස්ථාවේ දැරිය ගුරුවරියට සියලු ලිංගික සිදුවීම් පිළිබඳ විස්තර පවසා ඇත.
මේ සම්බන්ධයෙන් පන්තිය භාර ගුරුවරිය ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ කටයුතු ගල්කිස්ස පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට භාරදීමෙන් අනතුරුව පරීක්ෂණ ආරම්භ වී ඇත.
ඒ අනුව පොලිසිය දැරියගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය සියලු සිදුවීම් පිළිබඳ සම්පූර්ණ ප්‍රකාශයක් ලබාදී ඇත.
ඒ අනුව සැකකාර සිසුවා පොලිසිය අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට අතුළත් කර ඇත.