සිසුවියන් 11 දෙනෙක් කෙළෙසූ ගුරුවරයා සොයා පොලිස් මෙහෙයුම්

සිසුවියන් 11 දෙනෙකු ලිංගිකව අපයෝජනය කළේ යැයි සැක කෙරෙන ගුරුවරයෙකු සොයා පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා. එලෙස අපයෝජනයට ලක්වී තිබෙන්නේ ගල්කිරියාගම ප‍්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ වයස අවුරුදු 10ක් පමණ වන සිසුවියන් 11 දෙනෙක්. සැකකාර ගුරුවරයාද එම පාසලේම සේවය කළ අයෙකු වන අතර ගල්කිරියාගම ප‍්‍රදේශයේම පදිංචිකරුවෙකු වනවා. අදාළ ගුරුවරයා දීර්ඝ කාලයක සිට මෙම දැරියන් අපයෝජනය කර ඇත. එලෙස අපයෝජනයට ලක්වූ දැරියකගේ මවක් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු ආරම්භ කෙරුණා. සැකකාර ගුරුවරයා මේ වන විට ප‍්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.

මේ අතර වයස අවුරුදු 11ක පිරිමි ළමයෙකු ලිංගිකව අපයෝජනය කළ බවට සැකපිට හොරණ ප‍්‍රදේශයේ තරුණියක් ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 20ක් පමණ වන ඇය අපයෝජනයට ලක්වූ පිරිමි ළමයාගේ නිවස අසළ පදිංචිකාරියක්. එම පිරිමි ළමයා ඔහු ඉගෙනුම ලබන පාසලේ මුරකරු විසින්ද මාස 06ක් පමණ තිස්සේ අපයෝජනයට ලක්ව තිබෙනවා. සැකකාර මුරකරුගේ වයස අවුරුදු 74ක් පමණ වන අතර කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ලබන 22 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවයි ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසන්නේ. 

 පාසලේදී ළමයින්ට සිදුවන මෙවැනි අපයෝජනයන් වළක්වා ගැනීමට මව්පියන්ද වඩා විමසිලිමත් විය යුතු වනවා. ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති නීතීඥ අනෝමා දිසානායක මහත්මිය පැවසුවේ ගුරුවරුන්ගේද විමසිලිමත් වීම අත්‍යවශ්‍යය බවයි.

Gossip Lanka Hot News Previous News Archive