තිරිසන් පියාගෙන් 13 හැවිරිදි දියණියට අතවර

තමා සමඟ ලිංගිකව හැසිරෙන්නට බැරි නම් මරා ගෙදර බාල්කයේ එල්ලන බවට තර්ජනය කොට තමනට ජාතක 13 හැවිරිදි දියණියක අපයෝජනයට ලක් කළ තිරිසන් පියකු ගැන හිනිදුම ඉබ්බාවෙල මණ්ඩලපුර ප්‍රදේශයෙන් වාර්තා වේ. වයස අවුරුදු 13ක් වුවත් හොඳින් වැඩුණු මේ දියණිය තම පියා විසින් දින තුනක් අපයෝජනයට ලක් කරන ලද බව ඇය හිනිදුම පොලිසියට පවසා තිබේ.

දියණිය අඹුකමට ගත් මේ තිරිසන් තාත්තා පදිංචිව සිටි ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පොලිසිය කියයි. කොළඹ ප්‍රදේශයේ කුලී වැඩ කරන බව කියන මේ පුද්ගලයා මත් පැනට ලොල් වූවකු බවද කියනු ලැබේ.අපයෝජනයට ලක්වූ දියණියගේ මව තේවත්තක කුලී වැඩ කරන බවත් ඇය රැකියාවට ගොස් සිටි අවස්ථාවකදී මොහු තම දියණිය දින තුනක්ම පිට පිට අපයෝජනයට ලක් කර ඇති බවත් පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.
මව වත්තේ වැඩ අවසන් වී සවස නිවෙසට පැමිණි අවස්ථාවේ දියණිය කතා නොකර සිටීම ගැන දිගින් දිගටම ප්‍රශ්න කරද්දී අවසානයේ ඇය පවසා තිබෙන්නේ තාත්තාගෙන් තමාට අතවරයක් වූ බවයි.හිනිදුම සහකාර පොලිස් අධිකාරී බන්දුල චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් පරිදි හිනිදුම පොලිසිය පරීක්‍ෂණය පවත්වයි.මේ දියණිය තම පියා විසින් දින තුනක් අපයෝජනයට ලක් කරන ලද බව ඇය හිනිදුම පොලිසියට පවසා තිබේ.

දියණිය අඹුකමට ගත් මේ තිරිසන් තාත්තා පදිංචිව සිටි ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පොලිසිය කියයි. කොළඹ ප්‍රදේශයේ කුලී වැඩ කරන බව කියන මේ පුද්ගලයා මත් පැනට ලොල් වූවකු බවද කියනු ලැබේ.

අපයෝජනයට ලක්වූ දියණියගේ මව තේවත්තක කුලී වැඩ කරන බවත් ඇය රැකියාවට ගොස් සිටි අවස්ථාවකදී මොහු තම දියණිය දින තුනක්ම පිට පිට අපයෝජනයට ලක් කර ඇති බවත් පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.

මව වත්තේ වැඩ අවසන් වී සවස නිවෙසට පැමිණි අවස්ථාවේ දියණිය කතා නොකර සිටීම ගැන දිගින් දිගටම ප්‍රශ්න කරද්දී අවසානයේ ඇය පවසා තිබෙන්නේ තාත්තාගෙන් තමාට අතවරයක් වූ බවයි.හිනිදුම සහකාර පොලිස් අධිකාරී බන්දුල චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් පරිදි හිනිදුම පොලිසිය පරීක්‍ෂණය පවත්වයි.

Gossip Lanka Hot News Previous News Archive