දින 17කට පසු ඩකා සුන්බුන් අතරින් තරුණියක් මතුවේ

බංග්ලාදේශයේ අගනගරය වන ඩකා හීදී මීට දින 17කට පෙර කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි තවත් කාන්තාවක් අද බේරා ගැනුණා. සහන සේවකයන් පවසන්නේ දෙවන මහලේ සුන්බුන් අතරින් කාන්තාවකගේ සිහින් කෙදිරියක් ශ‍්‍රවණය වූ බවයි. ඒ අනුව කෙරුණු සෝදිසියකදී ඇය හමු වූ බවද ප‍්‍රකාශ කෙරුණා. ඇයට බරපතල තුවාල සිදුව නැතත් බීමට වතුර පොදක් හෝ නොමැතිව සුන්බුන් අතර දින 14ක් සිරවී සිටීමෙන් ඇය මහත්සේ දුර්වල වී සිටිනවා. ප‍්‍රතිකාර සදහා ඇය ආසන්නම රෝහල වෙත රැුගෙන ගිය බවයි සහන සේවකයන් වැඩිදුරටත් කියා සිටියේ. 

මේ අතර මෙම ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට දහසක්ද ඉක්මවා තිබෙනවා.  අපේ‍්‍රල් 24 වැනිදා සිදුවු මෙම අනතුර බංග්ලාදේශයෙන් වාර්තා වන දරුණුතම කාර්මික අනතුරයි. ඇඟළුම් කම්හල කඩා වැටීමෙන් පුද්ගලයන් 2500 කට අධික පිරිසක් තුවාල ලැබුවා. අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි 2,437 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව බලධාරීන් ප‍්‍රකාශ කළා.









*Dhaka building collapse:Woman rescued alive after 17 days

Gossip Lanka Hot News Previous News Archive