පසුගිය නොවැම්බර් මාසයේදී චීනයේ සැටලයිට් කොමියුනිකේෂන්ස් සමාගම සමග සුප‍්‍රීම් සැට් එක්ව දියත් කළ සුප‍්‍රීම් සැට්1 චන්ද්‍රිකාවේ දෙවැනි අදියර ලෙස සුප‍්‍රීම් සැට් 2 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සඳහා චීනයේ ගේ‍්‍රට් වෝල් කර්මාන්ත සංස්ථාව සමග නිල ගිවිසුම් අත්සන් කර තිබේ.
සුප‍්‍රීම් සැට් 2 චන්ද්‍රිකාවේ පූර්ණ අයිතිය ශ‍්‍රී ලංකාවේ සුප‍්‍රීම් සමූහය සතු බව එම සමාගම පවසයි.
ඇමෙරිකානු ඩොලර් මිලියන 215ක කොන්තාත්තු ගිවිසුම අත්සන් තැබීමට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපතිවරයා සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටියහ.අදාළ ගිවිසුමට අනුව සුප‍්‍රීම් සැට් 2 චන්ද්‍රිකාවේ මෝස්තර නිර්මාණය, නිෂ්පාදනය සහ දියත් කිරීම යන අංශවල වගකීම චීනයේ ගේ‍්‍රට්වෝල් කර්මාන්ත සංස්ථාව සතුය.සුප‍්‍රීම් සැට් 2 චන්ද්‍රිකාව ගුවන්ගත කිරීම 2016 වසරේදී සිදු කිරීමට අපේක්ෂා කරයි.