"රජරට පාරම්පරික දිවි පෙවෙත ගැන විමසනවිට ළමා වයසින් විවාහවීම රජරට ජන ජීවිතයේ සාමාන්‍ය පුරුද්දක්. ගැහැනු දරුවකු වැඩිවියට පත්වූ පසු ඇය විවාහයට සුදුසු වන බව හැඟවීමට වැඩිවියට පත්වීමට එදා කිවේ "පිළ හොඳ වෙනවා" කියලයි. ඒ කියන්නෙ විවාහයට සුදුසුයි කියන එකයි.
නමුත් වර්තමානයේ ජන ජීවිතයේ පවත්නා සංකීර්ණත්වය අනුව සහ නීති රීති අනුව අඩු වයසින් විවාහ වෙන්න බැහැ. අඩු වයසින් විවාහ වුණාම මවටත් දරුවන්ටත් අතුරු ආබාධ ඇතිවන්නට ඉඩ තිබෙනවා."යි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය පාලිත බණ්‌ඩාර මහතා හෙළි කළේය.
බාල වියේදී විවාහ වී මව් පදවිය ලත් ළමා මව්වරු 2,000ක් පමණ උතුරු මැද පළාතේ සිටින්නේ යෑයි සියළු දෙනාම දෙනාම අවුරුදු 16ට වඩා අඩු අය බවත් ඒ අය අතර විශේෂයෙන් අවුරුදු 14ත් 15ත් අතර වයස් කාණ්‌ඩවල අය සිටින බවත් අනුරාධපුරයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු පැවසීය.