රයිගම් ටෙලීස් 2012 - Raigam Tele'es 2012 Held at Waters Adge


ජනප්‍රියම නළුවා සාරංග - නිළිය ආශා
9 වැනි රයිගම් ටෙලීස් - ජාතියේ ටෙලි සම්මාන උළෙල අති උත්කර්ෂවත්ව සහ අති සාර්ථකව වෝටර්ස් එජ් හීදී පැවැත්වින. මෙවර උළෙල සදහා කලා ලොව 1000 කට අධික ශිල්පීන්, ශිල්පිනියන්, ප‍්‍රවීණයින් සහ විද්වතුන් ද සහභාගී විය. රයිගම් ටෙලීස් 2012 උළෙලේදී විශිෂ්ටතම ටෙලිනාට්‍ය ලෙස සම්මානයට පාත‍්‍ර වුයේ ධවල කඩුල්ල ටෙලි නාට්‍යයයි. කාංචනා මෙන්ඩිස් වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය හිමි කර ගනිද්දි විශිෂ්ටතම නළුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ශ‍්‍රියන්ත මෙන්ඩිස් ය.

මෙවර උළෙලේ දී වැඩිම මහජන ප‍්‍රසාදයක් ලබමින් ජනප‍්‍රිය නළුවා බවට පත් වූයේ සාරංග දිසාසේකරය. ජනප‍්‍රිය නිළිය ලෙස මෙවර සම්මාන හිමි කරගත්තේ අශා එදිරිසිංහයි. රූපවාහිනි මාධ්‍ය වෙනුවෙන් අද්ව්තීය මෙහෙවරක් ඉටු කළ ජේෂ්ඨයින් දෙදෙනෙකු වෙනුවෙන් මෙවර උළෙලේදී ද විශේෂ ප‍්‍රණාම සම්මාන 02 ක් පිරිනැමීය. එම සම්මාන 02 ක ගරු අර්නස්ට් පෝරුතොට පියතුමාට සහ ආචාර්ය ලලිතා සිරිබද්දන මහත්මිය වෙත පුද කෙරිණ. කලාකරුවෙකුට ජිවිතයේ එක් වරක් පමණක් රයිගම් ටෙලීස් වෙතින් පිදෙන ප‍්‍රතිභා ප‍්‍රභා ගෞරව සම්මානය මෙවර පිරිනැමුවේ අචාර්ය ධර්මසිරි පතිරාජ ශුරීන්ටය. මෙවර උළේලේ ප‍්‍රධාන අරාධිත අමුත්තා වශයෙන් හිටපු අග‍්‍රාමාත්‍ය,යහපාලනය පිළිබද ජේෂ්ඨ අමාත්‍ය ගරු රත්නසිරි වික‍්‍රමනායක මහතා සහභාගි විය.






































මෙවර උළෙලේ විශිෂ්ටත්වයේ සම්මානයට පාත්‍ර වූ කලාකරුවන් සහ ලේඛණය පහත දක්වා ඇත.

ජූරියේ කුසලතා සහතික

සචින් චතුරංග මෙන්ඩිස් (පොඩි උක්කුවා) ධවල කඩුල්ල - ජාතික රූපවාහිනිය
හේෂානි රුවන්දිකා ඉෂාදිනි (ලීසා) - දූලි පින්තාරු - ජාතික රූපවාහිනිය
සී. කුරුප්පු (ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වාර්තා වැඩසටහනේ පිටපත වෙනුවෙන්) - ස්වාධීන රූපවාහිනිය
රංජීවනී බැද්දවිතාන (ලෝක කාන්තා දිනය වෙනුවෙන් නිෂ්පාදනය කළ - සඳුන් අරටු) - දෙරණ

ජූරියේ කුසලතා සම්මානය

ආනන්ද කුමාර ලොකුඋන්නහැහේ (තාත්තා) - මේ වසන්ත කාලයයි - ස්වාධීන රූපවාහිනිය
මිහිරි සිරිතිලක (අන්දිරිස් නිලමේ) මොණරතැන්න - ස්වර්ණවාහිනිය
ක්‍රිෂ් හැරිස් (බෙලෙක් ඇත්තෝ) - ධවල කඩුල්ල - ජාතික රූපවාහිනිය
අකුරු තරහා නෑ ටෙලිනාට්‍ය නිෂ්පාදනය වෙනුවෙන් - සැලසිනේ ආයතනය

ජූරියේ විශේෂ කුසලතා සම්මානය

උත්තරීතර වැඩසටහන් මාලාව වෙනුවෙන් - හිරු ටී.වී.
සන්තුෂ ලියනගේ - දූලි පින්තාරු අධ්‍යක්ෂණය වෙනුවෙන් - ජාතික රූපවාහිනිය
රූපාවලෝකනය වැඩසටහන යටතේ ඉදිරිපත් කළ 65 වසරක සිනමාව සහ නොනිමි තරුව - විජය කුමාරතුංග පිටපත් රචනය කල සුනිල් මිහිදුකුල
සංහිඳ - ස්වාධීන රූපවාහිනිය (නිෂ්පාදක උදය තෙන්නකෝන් හා සම්ප්‍රවේශක ඉන්ද්‍රසිරි සුරවීර)
වසරේ විශිෂ්ඨතම රූපවාහිනී ළමා වැඩසටහන -

ටොමියයි කිටියයි (දේශීය සජීවිකරණ වැඩසටහන් පෙළ) - අතුල රන්සිරිලාල්/ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ඨතම රූපවාහිනි ක්‍රීඩා වැඩසටහන - දිනන ළමයි - කවිඳු ප්‍රනාන්දු/ හිරු ටී.වී.
වසරේ විශිෂ්ඨතම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන - පටිභා/ත්‍රිලක්ෂණ - රංජීවනී බද්දේවිතාන/ දෙරණ ටී.වී.
වසරේ විශිෂ්ඨතම රූපවාහිනී දේශපාලන කතිකා වැඩසටහන - වාදපිටිය/දෙරණ ටී.වී.
වසරේ විශිෂ්ඨතම වාර්තා වැඩසටහන - ක්ෂය රෝගය - බර්ට්‍රම් නිහාල්/ සියත ටී.වී.
වසරේ විශිෂ්ඨතම සංගීත වැඩසටහන - ගී පූජා - විරාජ් වැලිවත්ත, චමීර ජයවීර/හිරු ටී.වී.
වසරේ විශිෂ්ඨතම සඟරාමය වැඩසටහන - වාසුලි - රවී අබේවික්‍රම/ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ඨතම ප්‍රශ්න විචාරත්මක වැඩසටහන - ස්පෙල් මාස්ටර් - ධනංජය රාමනායක/සිරස ටී.වී.
වසරේ විශිෂ්ඨතම රූපවාහිනී පුවත් වාර්තාකරණය - සිරස විමර්ශන (ගාල්ලේ විද්‍යාලෝක විද්‍යාලයේ සහ බණ්ඩාරවෙල විශාඛා විද්‍යාලයේ විදුහල්පති ප්‍රශ්නය) සිරස ටී.වී.
වසරේ විශිෂ්ඨතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකා - සිංහල - ඔමායා කෝවිලගේ/සිරස ටී.වී.
වසරේ විශිෂ්ඨතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකා - දෙමළ - ජෙෆ්රි ජෙබදර්ශන්/එම්.ටී.වී.
වසරේ විශිෂ්ඨතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකා - ඉංග්‍රීසි - ඉෆ්තියා අබ්දුල් කාදර්/ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ඨතම සම්ප්‍රවේශක - සිංහල - තනුජා ජයවර්ධන - සිරස ටී.වී
වසරේ විශිෂ්ඨතම සම්ප්‍රවේශක - දෙමළ - එන්.එස්. නිරංජනී/ නේත්‍රා ටීවි/SLRC
වසරේ විශිෂ්ඨතම සම්ප්‍රවේශක - ඉංග්‍රීසි - ඉන්දීවරී අමුවත්ත/Art TV
වසරේ නිර්මාණාත්මක රියැලටි වැඩසටහන - සිරස සුපර්ස්ටාර්ස් - සීසල් 5/සිරස ටී.වී.
වසරේ හොඳම රූපවාහිනී මාධ්‍ය වැඩසටහන් නාලිකාව - සිරස ටී.වී.
වසරේ විශිෂ්ඨතම ටෙලිනාට්‍ය අංග රචනය - නාරද තොටගමුව - මොරණතැන්න/ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ඨතම ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂණය - සුජීව ගුණරත්න - ධවල කඩුල්ල/ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ඨතම ටෙලිනාට්‍ය අලෝකකරණය - සෝමරත්න පෙරේරා - දූලි පින්තාරු/ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ඨතම සංගීත අධ්‍යක්ෂණය - රවිබන්දු විද්‍යාපති/ප්‍රියන්ත දසනායක - අමරපුරය/ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ඨතම ගීත රචනය - වසන්ත කුමාර කොබවක (මලේ බඹරු රඟනා) - මොණරතැන්න- ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ඨතම ගීත ගායකයා - බාචි සුසාන් (මතු පෙම් පුරනා) - උපුලි/ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ඨතම ගීත ගායිකාව - ඉන්දිකා උපමාලි (මතු පෙම් පුරනා) - උපුලි/ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ඨතම ටෙලිනාට්‍ය කැමරාකරණය - උපුල් ප්‍රජාසන් - ධවල කඩුල්ල - ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ඨතම ටෙලිනාට්‍ය සංස්කරණය - ලක්රුවන් ද සේරම් - පියවි - ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ඨතම ටෙලිනාට්‍ය සහාය නළුවා - දසුන් පතිරණ (සීසන්) - අහසින් වැටුණා - ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහාය නිළිය - දුලීකා මාරපන (සුසිලා) - මේ වසන්ත කාලයයි/ස්වාධීන රූපවාහිනිය
වසරේ නැගී එන ටෙලිනාට්‍ය නළුවා - එරංග ජීවන්ත (විසල්/මලින්ද) - පියවි / ස්වර්ණවාහිනිය
වසරේ නැගී එන ටෙලිනාට්‍ය නිළිය - රුවංගනී රත්නායක (අකූ) අහසින් වැටුණා/ස්වර්ණවාහිනිය, (කෝසලගේ පෙම්වතිය) මේ වසන්ත කාලයයි/ස්වාධීන රූපවාහිනිය
වසරේ ජනප‍්‍රියම ටෙලි නාට්‍යය -ඉඳුවරී - ස්වාධීන රූපවාහිනිය
වසරේ ජනප‍්‍රියම ටෙලිනාට්‍ය නළුවා - සාරංග දිසාසේකර
වසරේ ජනප‍්‍රියම ටෙලිනාට්‍ය නිළිය -ආශා එදිරිසිංහ
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නළුවා - ශි‍්‍රයන්ත මෙන්ඩිස්- ධවල කඩුල්ල / ජාතික රුපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය - කාංචනා මෙන්ඩිස් (නිරංජලා) මේ වසන්ත කාලයයි/ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය තිර රචනය - සුනේත‍්‍රා රාජකරුණානායක -ධවල කඩුල්ල /ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය - ආනන්ද අබේනායක - අහසින් වැටුණා / ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලිනාට්‍යය- වැඩිහිටියෝ - ආනන්ද අබේනායක/ ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍යය - ධවල කඩුල්ල / ජාතික රූපවාහිනිය
වසරේ හොඳම ටෙලිනාට්‍ය නාලිකාව - ජාතික රූපවාහිනිය
විශේෂ ප‍්‍රණාම සම්මානය - ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා
විශේෂ ප‍්‍රණාම සම්මානය - ආචාර්ය ලලිතා සිරිබද්දන මහත්මිය
ප‍්‍රතිභාප‍්‍රභා ගෞරව සම්මානය - ආචාර්ය ධර්මසේන පතිරාජ මහත්මා
වසරේ සම්මානනීය නාලිකාව - ජාතික රූපවාහිනිය

Gossip Lanka Hot News Previous News Archive