ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් තිස්හය ලක්ෂ හැට එක් දහසක් විවිධ හේතු නිසා තමන් උපන් දිස්ත්‍රික්කයෙන් පිටත වෙනත් දිස්ත්‍රික්කයක හෝ වෙනත් රටක පදිංචියට යන බව අනාවරණය වෙයි.
මාස 6 ක් හෝ මාස 6කට වැඩි කාලයක් යම් ප්‍රදේශයක නොකඩවා පදිංචිව සිටි හෝ සිටින පුද්ගලයන් ඇසුරෙන් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකළ සංගණනයේදී මේ බව අනාවරණය වී තිබේ.
විවාහය නිසා තමන් පදිංචිව සිටි හෝ සිටින ප්‍රදේශය අතහැර වෙනත් ප්‍රදේශයක පදිංචියට යන පිරිස දසලක්ෂ හැට නවදහසකි. හත්ලක්ෂ දසදහසක් රැකියාව නිසා තමන් පදිංචිව සිටින ප්‍රදේශය මාරු කරන අතර පුද්ගලයන් හය ලක්ෂ පනස් නවදහසක් තම පවුලේ අවශ්‍යතාව මත තමන් පදිංචිව සිටින ප්‍රදේශය මාරු කරයි. අවතැන්ව සිට නැවත පදිංචි කරවීම නිසා පදිංචිය වෙනස් කරන පිරිස තුන්ලක්ෂ හැට නව දහසකි.අධ්‍යාපනික හේතු නිසාද එක්ලක්ෂ අසූ හය දහසක පිරිසක් තමන් පදිංචිව සිටි ප්‍රදේශයෙන් ඉවත් වී වෙනත් ප්‍රදේශයකට පදිංචියට ගොස් තිබේ.