අද රට පුරා මැයි රැලි 30 ක්‌ - All set for May Day

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති අද (01 වැනිදා) දවසේ රට පුරා දේශපාලන පක්‍ෂ හා වෘත්තීය සමිති සංවිධානය කරන මැයි දින රැලිs තිහකට වැඩි ප්‍රමාණයක්‌ පැවැත්වේ.

කොළඹ නගර සීමාවේ පමණක්‌ මැයි රැලි 17 ක්‌ හා පෙළපාලි 13 ක්‌ පැවැත්වෙන බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි. රැලි හා පෙළපාලිවල ආරක්‍ෂාව සඳහා පොලිස්‌ නිලධාරීන් තුන්දහසක්‌ පමණ යොදවා ඇති අතර පෙළපාලි ගමන් ගන්නා මාර්ග කිහිපයක්‌ම සවස්‌වරුවේ වසා දැමෙන බවද පොලිසිය පවසයි.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය "රට නගන මැයි රැල්ල" තේමා කර ගනිමින් සිය මැයි දින රැලිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සවස 3.00 ට කොළඹ කැම්බල් පිටියේදී පවත්වනු ලබයි. සන්ධානයේ මැයි පෙළපාලිය නෙළුම් පොකුණ මාවතෙන් ආරම්භ කර හෝර්ටන් පෙදෙස ඔස්‌සේ ඩී. එස්‌. හන්දිය, බේස්‌ලයින් පාර, බොරැල්ල හන්දිය සිට කැම්බල් පිටියට පැමිණේ.එජනිස සාමාජික පක්‍ෂ වන ශ්‍රී ලංකා මහජන පක්‍ෂය මරදාන වයිට්‌පිටියේ සිටත්, මහජන එක්‌සත් පෙරමුණ ආයුර්වේද හන්දියේ ළමා ක්‍රීඩාපිටියේ සිටත් වෙනම පෙළපාලිවලින් පැමිණ කැම්බල් පිටියට පිවිසීමට නියමිතය.

එක්‌සත් ජාතික පක්‍ෂය සිය ප්‍රධාන මැයි රැලිය කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේදී අද සවස 3.00 ට විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා විපක්‍ෂයේ විරෝධය සංවිධානයේ නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

එමෙන්ම එක්‌සත් ජාතික පක්‍ෂයේ වෘත්තීය සමිති සහ ලක්‌ වනිතා පෙරමුණේ සහභාගීත්වයෙන් මැයි දින රැලියක්‌ අද පෙරවරුවේ සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී පැවැත්වේ. මේ අතර එජාප ජාතික යොවුන් පෙරමුණ හා වතු කම්කරු සංගමය එක්‌ව පවත්වන තවත් මැයි රැලියක්‌ සවස බදුල්ලේ දී පැවැත්වේ. ජීවත්වීමට සරිලන වැටුප් වැඩි කරන ලෙසත් සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් සුරක්‍ෂිත කරන ලෙසත් රජයට බල කිරීම එජාප මැයි රැලිවල අරමුණු වේ.

මේ අතර දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 20 වැනි ගුණ සමරුව කොළඹ අලුත්කඩේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අබියසදී අද පෙරවරුවේ පැවැත්වේ.

අධිරාජ්‍යවාදයට, ජනතාව පෙළන පවුල් පාලනයට එරෙහිව සමාජවාදය වෙනුවෙන් සටන් වදින ජනතා විමුක්‌ති පෙරමුණේ රතු මැයි රැලිය අද සවස 4.00 ට බී. ආර්. සී. පිටියේදී පැවැත්වේ. පෙළපාලිය දහවල් 12.00 ට දෙහිවල එස්‌. ද එස්‌. ජයසිංහ ක්‍රීඩාංගණයෙන් ආරම්භ කර සරණංකර මාවත, පාමංකඩහන්දිය, හැවුලොක්‌ ටවුම ඔස්‌සේ බී. ආර්. සී. පිටියට පැමිණේ.

නව ඊළාම් මෙහෙයුම පරදවමු. වැඩ කරන ජනතා බලය පුබුදවමු මැයෙන් ජාතික නිදහස්‌ පෙරමුණ සංවිධානය කරන මැයි රැලිsය සවස 3.00 ට මාළිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පක්‍ෂ නායක ඇමැති විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මැයි පෙළපාලිය සවස 1.00 ට දෙමටගොඩ ශාන්ත ජෝන් පාසල් ක්‍රීඩාපිටිය අසලින් පිටත් වෙයි.

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ මැයි රැලිය පක්‍ෂ නායක සරත් ෙµdන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් කඩුවෙල ජී. එච්. බුද්ධදාස ක්‍රීඩාංගණයේදී සවස පැවැත්වේ. සමාජවාදී ජීවිතයක්‌ මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය සංවිධානය කරන මැයි රැලිය සවස 3.00 ට කොටහේන රත්නම් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහි පෙළපාලිය දහවල් 12.00 ට නවගම්පුර ක්‍රීඩාංගණයෙන් ඇරඹේ.

ලංකා සම සමාජ පක්‍ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්‍ෂය සහ දේශ විමුක්‌ති ජනතා පක්‍ෂය යන පක්‍ෂවලින් සමන්විත සමාජවාදී ජනතා පෙරමුණේ රැලිය කිරුළපන නාගරික ක්‍රීඩාංගණයේදී සවස 3.00 ට පැවැත්වෙන අතර පෙළපාලිය සවස 1.00 ට නාරාහේන්පිට ශාලිකා ශාලාව අසලින් පිටත් වෙයි.

එක්‌සත් සමාජවාදී පක්‍ෂයේ මැයි රැලිය කොස්‌ගස්‌ හන්දියේදී පැවැත්වෙන අතර මැයි පෙළපාලිය ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලින් පිටත් වෙයි.

ලංකා වෙළෙඳ, කාර්මික හා පොදු සේවක සංගමයේ මැයි රැලිය සවස 3.00 ට සංගම් මූලස්‌ථානයේදී පැවැත්වෙයිs. පෙළපාලිය ද එම ස්‌ථානයෙන් පිටත්ව ගාලු මුවදොර ඔස්‌සේ කොල්ලුපිටියට පැමිණ යළිත් එම මූලස්‌ථානයටම පැමිණීමට නියමිතය.

සමස්‌ත ලංකා විශ්‍රාමික සංවිධාන එකමුතුවේ මැයි දින රැලිය පෙරවරු 9.30 ට කොළඹ මහජන පුස්‌තකාල පරිශ්‍රයේදී පැවැත්වේ. එක්‌සත් කම්කරු සම්මේලනයේ මැයි රැලිය සවස 3.00 ට ගුණසිංහපුර ප්‍රයිස්‌ පිටියේදී පැවැත්වේ. පෙළපාලිය ද සවස 1.30 ට එම පිටියෙන්ම පිටත්ව ශ්‍රී කදිරේෂන් පාර, ජින්තුපිටිය වීදිය, මහ විද්‍යාල මාවත ඔස්‌සේ යළිත් ප්‍රයිස්‌ පිටියට පැමිණේ. ජූලි වර්ජකයන්ගේ ඒකාබද්ධ සංවිධානයේ මැයි රැලිය පෙරවරු 9.00 ට කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

රජයේ කළමනාකරණ සහකාර නිලධාරී සංගමයේ මැයි දින සැමරුම පෙරවරු 10.00 ට රජයේ ලිපිකරු සේවා සංගම් මූලස්‌ථානයේදීත් ක්‍රිස්‌තියානි කම්කරු සහෝදරත්වයේ කම්කරු ප්‍රජාව හා පෙරහැර පෙරවරු 10.00 ට කොල්ලුපිටිය පොල්වත්ත ශුද්ධ මිකායෙල් හා සුරදූතියන්ගේ දෙව්මැඳුරේදීත් ස්‌වාධීන පදනමේ කම්කරු සැමරුම පෙරවරු 9.00 ට පදනමේ සභාපති ඩී. සී. අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්‌ස මංසන්දියේ පිහිටි කම්කරු පිළිරුව අසලදීත් පැවැත්වේ.

ලංකා බැංකු සේවක සංගමයේ මැයි රැලිය පෙරවරු 11.30 ට මාළිගාවත්ත ප්‍රදීපා ශාලාවේදී පැවැත්වෙන අතර පෙළපාලිය පෙරවරු 10.30 ට මරදාන ටවර් හෝල් රඟහල අසලින් පිටත් වෙයි. වෘත්තීය සමිති මහා සම්මේලනය හා ලංකා බැංකු සේවක විකල්ප සංගමය රැලිය කොළඹ දුම්රිය ස්‌ථානය අසලදී පැවැත්වේ. ජාතික සමගි පෙරමුණේ රැලිය පස්‌වරු 1.00 ට කොළඹ වේල්ල වීදිය ප්‍රයිස්‌ පාක්‌ හිදී පැවැත්වේ.

මෙයට අමතරව ලංකා කම්කරු කොංග්‍රසය නුවරඑළිය කිවිකාස්‌ එළිමහන් රඟහලේදීත්, කඳුරට ජනතා පෙරමුණ ලිඳුල ටී. ආර්. සී. පිටියේදීත් ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ සවස 2.00 ට කෑගල්ල "හේමාස්‌" රැස්‌වීම් ශාලාවේදීත්, කම්කරු ජාතික පෙරමුණ පෙරවරු 10.00 ට තලවකැලේ බස්‌ නැවතුම අසලදීත් ලංකා වතු සේවා සංගමය පෙ.ව. 10.30 ට වයි. එම්. බී. ඒ. ශාලාවේදීත් සමස්‌ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහනය කරන සංගමයේ මැයි රැලිය ගාල්ලේදීත්, ඊ. පී. ඩී. පී. සංවිධානය යාපනය නගර සභා පිටියේදීත් දෙමළ ජාතික සන්ධානය යාපනයේදීත් සිය මැයි දින රැලිs පැවැත්වීමට නියමිතය.





Gossip Lanka Hot News Previous News Archive