
''අද අපි මහත් අභිමානයෙන් මවුබිමේ මහා විජයග්‍රහණය සමරමු. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ මව්බිම එක්සේසත් කළ තවත් ශ්‍රේෂ්ඨ අවස්ථාවකි. එමෙන්ම මරණ බිය නිමකොට නිදහස දිනාගත් ශ්‍රේෂ්ඨ අවස්ථාවකි. මෙම විජයග්‍රහණය උදෙසා දහස්ගණන් තරුණ පිරිස් රට දැය වෙනුවෙන් ජීවිතය පූජා කළහ. තවත් ලත්ෂ ගණනක් ඇස් ඉස් මස් ලේ මව්බිම වෙනුවෙන් පූජා කොට ඇත'' යනුවෙන් ජනාධිපතිතුමා පැවසීය.
ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය ජරාජය කොට රටට සාමය උදා කළ මානුෂීය මෙහෙයුමේ විජයග්‍රාහී සංවත්සරය සැමරීමට අද (18) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවති උත්සවයේදීය.

රණවිරුවන් ඉටුකළ සේවයේ උදාරත්වය අවබෝධ වන්නේ 2009ට පෙර රටේ පැවති තත්ත්වය මෙනෙහි කරන විටය. එදා ජන හදවත් පුරා මරණ බිය පිරී තිබිණි. කොටින්ට රටේ ඕනැම තැනක ඕනෑම දෙයක් කළ හැකි විය. එහෙත් ජනතාව ඉන් මුදාගැනීමට කිසිවකු නොපැමිණි බවත් ජනාධිපතිතුමා පැවසීය.
පළමු විධායක ජනාධිපතිවරයා තමන්ගේ ආරක්ෂාව තමන් සපයා ගත යුතු බව ප්‍රකාශ කළ අතර, ඊලඟ ජනාධිපතිවරයා කොටින්ට අවිආයුධ හා මුදල් පවා ලබා දුන්නත් කොටි එතුමාද ඝාතනය කළ බව ජනාධිපතිතුමා පැවසීය. කොටින් සමඟ සාමය ගෙන ඒමට උත්සාහ කළ ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ද කොටින් විසින්ම ඝාතනය කරන ලදි. ඇතැම් රටවල් සමඟ එක්වූ ඇතමුන් සටන් විරාම මඟින් රටේ කොටසක් පාවාදී රට බෙදීමට ක්‍රියා කොට ඇත. එම පිරිස් පසුවූයේ කොටින් පරාජය කළ නොහැකිය යන දීන තත්ත්වයෙන් බව පැවසූ ජනාධිපතිතුමා තමන් එවැනි දීන තත්ත්වයෙන් මිදී තරුණ ශක්තිය කැපවීම සහ ඔවුන්ගේ වීරත්වය කෙරේ විශ්වාසය තබා රට මුදා ගැනීමට ක්‍රියාකළ බව පෙන්වා දුන්නේය. එමඟින් මරණ බයෙන් තොර නිදහස් රටක් ගොඩනඟන්නට අපට හැකිවූ බවද ජනාධිපතිතුමා පැවසීය.
එහෙත් රට පාවාදීමට උත්සාහ කළ ඇතැම් අය මේවා කෙරේ අවධානය යොමු නොකරති. උතුරේ ජනතාව ද අද ඇතිවී තිබෙන වෙනස හොඳින් අවබෝධ කර ගෙන තිබෙන අතර එම පළාතේ දේශපාලන පක්ෂ 12ක් අද නිදහසේ කටයුතු කරයි. එහෙත් එල්ටීටීඊ ය මඟින් දේශපාලන ක්‍රියාකාරීන්ට නිදහස වෙනුවට අත්වූ ඉරණම අමතක කළ නොහැකිය.

ප්‍රභාකරන්ගේ ග්‍රහණයේ සිටි ජනතාව මුදා ගත් අවස්ථාවේදී ඔවුන්ට ජලය ආහාර පවා පැපයූයේ රජය හා හමුදාව බව පැවසූ ජනාධිපතිතුමා ඩයස්පෝරාව හෝ ඔවුන්ට අනුබල දෙන කිසිවකු එහි නොසිටි බවද පැවසීය. එකම රටක ජීවත් වීමට තමන්ට අවශ්‍යය යන මතය යළිත් දමිළ ජනතාව තුළ ගොඩනැගෙමින් පවතියි. එදා ත්‍රස්තවාදය යොදා ගත්තේ බාහිර බලවේගවලට අවශ්‍ය පරිදි රටේ පාලනය මෙහෙයවීමට අවස්ථාව ලබා ගැනීමටයි.

මානුෂීය මෙහෙයමේ විජයග්‍රහණ සමරුව ත්‍රිවිධ හමුදා, විශේෂ කාර්ය බළකායේ හා සිවිල් ආරක්ෂක බළකා රණවිරු වන් 13,650ක් පමණ පිරිසකගේ පෙළපාලියෙන් අභිමානවත් විය. ප්‍රහාරක හා හෙළිකොප්ටර් ඇතුළු ගුවන් යානා තිහක් මඟින් ගුවන් හමුදාව ගුවනේ බලය පෙන්වීය. නාවික බලය පෙන්වමින් නාවික හමුදාව ගාලු මුවදොර මුහුදේ නාවික යාත්‍රා පනහක් යොදවා තිබුණි.
ඊට සමගාමීව යුද හමුදා බලය දක්වමින් ප්‍රහාරක සන්නද්ධ රථ, කාලතුවක්කු සහිත රථ හා බිම්බෝම්බ ඉවත්කිරීමේ රථ ඇතුළු හමුදා රථ සියයක් මෙම පෙළපාලියේ ගමන් කළේය.
ලබා ගත් ජයග්‍රහණය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව ආචාර වෙඩිමුර විසි එකක් පවත්වමින් විජයග්‍රාහී සැමරුම් උපහාර පෙළපාලිය ආරම්භ කළේය.
අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න මහතා ප්‍රමුඛ මැති ඇමතිවරු, කථානායක චමල් රාජපක්ෂ මහතා, ආණ්ඩුකාරවරු, ප්‍රධාන අමාත්‍යවරු, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඇතුළු ආරාධිතයෝ රැසක් මෙන්ම මහ ජනතාවද මෙම සමරුවට සහභාගී වූහ.
සැමරුම් උළෙලේ පැවති පැරෂුට් සංදර්ශනය කාගේත් සිත් ගත්තේය.
මීට අමතරව අද සවස 4 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අභියස දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වේ. රණවිරු ස්මාරකය අභියස මුලින් ජනාධිපතිතුමා මල් කලඹ තබා විරුවන්ට උපහාර දැක්වීමෙන් පසු සෙසු ප්‍රභූ පිරිස හා මියගිය විරුවන්ගේ ළඟම ඥාතීහු පුෂ්පෝපහාර ප්‍රණාම පුදකරති
විජයග්‍රහණයේ හතරවන සැමරුමේදී පරම වීර විභූෂණ පදක්කමින් පිදුම්ලැබූ රණවිරුවන්
මුලාශ්‍රය :- defence.lk