ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු උප නායක රෝයි ඩයස් මහතාගේ බිරිඳ වන සඳමාලි තරංගා ඩයස් සහ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතූළු 11 දෙනෙකුගේ කල්ලියක් මහා භාණ්‌ඩාගාරයට අයත් රුපියල් ලක්‍ෂ 5000 ක් වටිනා රත්‍රං කිලෝග්‍රෑම් 100 ක් විකිණීමට නියමිතව ඇති බවත් අවශ්‍ය කෙනකුට එම රත්‍රං තොගය ලබාදිය හැකි බවත් පවසමින් මහා මූල්‍ය වංචාවක් කිරීමට උත්සාහ කිරීමක් සම්බන්ධයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසය මගින් කරන ලද වැටලීමකින් මේ කල්ලිය කොටුවී ඇති අතරඅත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාගේ බිරිඳ, විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයා සහ තවත් කාන්තාවක ඇතුළු 11 දෙනකු සිටින බව පොලිසිය පවසයි.බස්‌නාහිර උතුර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පති වාස් ගුණවර්ධන මහතාට යුද හමුදා බුද්ධි අංශය ඔස්‌සේ ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී මෙම සංවිධානාත්මක කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.රෝයි ඩයස් මේ වන විට විදේශයක ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස කටයුතු කරන අතර බිරිඳගේ මෙම ජාවාරමට ඔහුගේ කිසිම සම්බන්ධයක් නොමැති බව අනාවරණය වී ඇත.