ඇමරිකාවේ ඕක්‌ලහෝමා නගරයේ ජනතාව තමන්ට මෙවන් විපතක් සිදු වනු ඇතැයි කිසිසේත් විශ්වාස කළේ නැත. එහෙත් පැයට සැතපුම් 200 ක වේගයෙන් හමා ගිය ටෝනාඩෝ ඇලි නැමැති කුණාටුව නිසා මහත් විනාශයක් සිදු විය.පෙරේදා ඇමරිකානු වේලාවෙන් සවස 3 ට පමණ හමාගිය මෙම කුණාටුව නිසා ඕක්‌ලහෝමාහි මූර් නැමැති ස්‌ථානයේ පාසල් 2 ක් මුළුමනින්ම විනාශ විය.
මේ වනවිට හෙලි වී ඇති තොරතුරු මෙසේය.
ෆප්ලාසා ටවර් ප්‍රාථමික පාසලේ ළමුන් 7 ක් දියේ ගිලී මියගොස් ඇත. තවත් සිසුන් 24 ක් ආගිය අතක් නැතැ.මියගිය සංඛ්‍යාව 91 කි.223 ක් තුවාල ලබා ඇත.නිවාස සිය ගණනක් විනාශ වී තිබේ.8000 කට අධික සංඛ්‍යාවකට විදුලිය අක්‍රීය වී ඇත.කුණාටුවෙන් පසු කොල්ලකෑම් ගැන වාර්තාවිය.1999 වසරේ පැවැති කුණාටුවට වඩා මෙවර කුණාටුව විශාල යෑයි කාලගුණ විද්‍යා බලධාරීහු හෙලි කරති.
අශ්වයන් 100 ක් මරුට.
ඕක්‌ලහොමා නගරය හා අවට ප්‍රදේශයට මේ චන්ඩමාරුතය නිසා සිදු වී ඇත්තේ මහත් විපතකි කඩාවැටුණු කොන්ක්‍රීට් සුන්බුන්වලට හිර වු සිසුන් 21 ක් බේරා ගැනීම සඳහා ජීවිතාරක්‍ෂක සේවකයෝ විදුලි කියත් භාවිතාකරමින් අධිබල ආලෝක ධාරා මැද මහත් පරිශ්‍රමයක් දරන බව මෙතෙක් ලැබී ඇති වාර්තාවලින් හෙලි විය.
ඒ අතරේ ඕක්‌ලහෝමා ප්‍රාන්තයේ මීකර්, රයන් සහ විල්ස් යන නගරවෙත ද කුණාටු රැසක් එන බවට වාර්තා විය. මෙම අනපේක්‍ෂිත විපත සැලවීමත් සමගම ඇමරිකානු රජය ජාතික ආරක්‍ෂක බලමුළු කණ්‌ඩායමක් ඔක්‌ලහෝමා වෙත යවනු ලැබීය.
ඒ අතරේ ඕක්‌ලහෝමා ප්‍රාන්තයේ මීකර්, රයන් සහ විල්ස් යන නගරවෙත ද කුණාටු රැසක් එන බවට වාර්තා විය. මෙම අනපේක්‍ෂිත විපත සැලවීමත් සමගම ඇමරිකානු රජය ජාතික ආරක්‍ෂක බලමුළු කණ්‌ඩායමක් ඔක්‌ලහෝමා වෙත යවනු ලැබීය.
කුණාටුව පැමිණෙන අවස්‌ථාවේ ප්ලාසා ටවර් පාසලේ 500 ක් වූ සිසුන්ගෙන් 75 ක් පාසල තුල සිටි බව කියති. මේ අතර තම දරුවන්ට සිදු වූයේ කුමක්‌ද යන්න දැන ගැනීමට දෙමව්පියන් පාසල වෙත පැමිණියත් සහන සේවකයන් ඔවුන්ට එකී ස්‌ථානය වෙත යැමට ඉඩ දී නැත.

ප්ලාසා ටවර් ප්‍රාථමික පාසල කඩා වැටෙනු දුටු එක් සිවිල් වැසියෙක් පැවසූවේ කුණාටුව පැමිණියේ පුදුමාකාර වේගයෙන් නිසා කිසිවකුටත් පැනගැනීමට අවස්‌ථාවක් නොතිබූ බවයි.මේ අතර එම පාසලේ එක් ආචාර්යවරයෙක් සිසුන් හත් දෙනෙකු නාන කාමරයකට දමා ඔවුන්ගේ දිවි බේරාගෙන තිබේ.
ඕක්‌ලහෝමා කුණාටුව නිසා මිය ගිය සංඛ්‍යාව මෙයට වඩා වැඩි විය හැකි යෑයි නිළ නොවන ආරංචි මාර්ග කියා සිටියි. මේ පිළිබඳව ඕක්‌ලහෝමා අණ්‌ඩුකාර මේරි පෑලින් පැවසූවේ මෙකී විපත නිසා අපේ සිත්සතන් තුළ ඉමහත් වේදනාවක් ඇති වූ බවයි.මේ කුණාටුව නිසා අක්‌කර 106 කින් යුත් ඕර් ගොවිපලේ සිටි අසුන්ගෙන් 100 කට අධික සංඛ්‍යාවක් ද මරුමුවට පත් වී ඇත.
කීර්ති වර්ණකුලසූරිය