ඇන්ජලීනා ජොලී පියයුරු දෙකම ඉවත් කරලා - Angelina Jolie

පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය.

පියයුරු පිළිකා ඇතිකරන ජානයක් තමන් තුල නිධන් ගත වී ඇති හෙයින් පිළිකා ඇති වීමට සියයට අනූවක අවදානමක් පවතින බව පවසන ඇය එබැවින් තමන් මේ පියවර ගත් බවද සඳහන් කරන්නීය.37 හැවිරිදි වියේ පසුවන ඇන්ජලීනා ජොලී දරුවන් හයදෙනෙකුගේ මවකි.

තමන් පියයුරු පිළිකාවෙන් මියගියහොත් ඒ ගැන බිය නොවන මෙන් දැන් තමන්ගේ දරුවන්ට කිව හැකි යැයි ඇන්ජලීනා ජොලී කියා සිටියාය.පියයුරු ඉවත් කිරීමේ සැත්කමේ සෑම මොහොතකදීම තම සැමියා වූ සිනමා නළු බ්‍රැඩ් පිට් තමන් හා රැඳී සිටීම ගැන ඇය තම කෘතවේදී බව පළ කොට සිටියාය.ඇගේ මව 58 හැවිරිදි වියේ දී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළිකාවක් වැලඳීමෙනි.

Gossip Lanka Hot News Previous News Archive