Pages

ප්‍රශ්නයක් නෑ - සාලි දැන් කනවා Asath Sally

අසාද් සාලි මහතාට එරෙහිව ලැබී ඇති පැමිණිලි 18 ක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමෙන් පසු ඔහු නිදහස් කිරීමට පියවර ගනු ඇති බව ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.අසාද්සාලි මහතා ඊයේ දහවල් සිට ආහාර ගැනීම ආරම්භ කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බව කොළඹදී අද (06) පැවති මාධ්‍ය හමුවක දි ඔහු පැවසුවේය.

සාලි මහතා විසින් තමිල්නාඩුවේ චෙන්නායි නගරයට ගිහින් රටට එරෙහිව සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කරන බව හෙතෙම පැවසීය.රටට විරුද්ධව තවත් රටකට ගිහින් එසේ ප්‍රකාශ කිරීම යුක්ති සහගත නොවන බවත් මුස්ලිම් ජනතාව කවදාවත් මේ ර‍ට පාවාදෙන ප්‍රකාශ කරන්න යැයි කිසිවිටෙකත් පවසා නැති බවත් හුළුගල්ල මහතා කීවේය.

එම ප්‍රකාශය මේ රටේ මුස්ලිම් ජනතාවට කළ අපහාසයක් යැයි ද ඔහු පෙන්වාදුන්නේය.ජාත්‍යන්තර මට්ටමින් සිදුකර ඇති අදාළ ප්‍රකාශය ඇතුළු ‍චෝදනා 18ක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කරන බවද සාලි මහතාට විරුද්ධව විශාල මූල්‍ය වංචාවක් ගැනද චෝදනා ඇතැයි එහිදී ලක්ෂ්මන් හුළුගල්‍ල මහතා වැඩිදුරටත් පැවසීය.