චීනයේ මල ප්‍රවාහන නලයක සිටි අලුත උපන් බිළිඳෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට චීනයේ ගිනි නිවන භටයින් සමත්ව තිබේ.ෂිංහුවා ප්රවෘත්ති ඒජන්සිය පවසන්නේ ජින්හුවා නගරයේ මහල් නිවාසයක මල ප්‍රවාහන බැහැර කරන නලයක දින කිහිපයක් වයසැති මෙම දරුවා සිරව සිටි බවය.
සෙන්ටිමීටර් 10 ක විශ්කම්භයකින් යුත් එම නලයේ කොටස රෝහලට රැගෙන යාමෙන් අනතුරුව වෛද්‍යවරුන් විසින් ඉතා සුපරික්ෂාකාරීව අදාළ බිළිඳා ඉන් මුදවාගනු ලැබ තිබේ.චීන රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වනවිට බිළිඳා යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන බවය.
කෙසේ වුවත් මේ වනවිට අදාළ බිළිඳාගේ මව සෙවීමට පොලිසිය වැඩිදුර පරික්ෂන ක්‍රියාත්මක කර තිබේ.චීනයේ එක් දරු ප්‍රතිපත්තිය හේතුවෙන් එරට දෙමාපියන් දැඩි අසහනකාරී වාතාවරණයකට මුහුණ දී සිටින අතර දැඩි උපත් පාලන නීතින් අකුරටම ක්‍රියාත්මක කරන රටක් ලෙසද චීනය ප්රකටය.
Newborn baby rescued from sewage pipe in China