ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.මරු සිරා.කොම් නමින් වෙබ් අඩවියක් පවත්වා ගෙන යමින් නීති විරෝධී ලෙස අනුන්ගේ වෙබ් අඩවිවලට ඇතුළු වී ඒවායේ දත්ත මැකූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ 'පරිගණක හැකරෙක්' හෙට දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඊයේ (30දා) නියෝග කෙළේය.
මරුසිරා ඩොට් කොම් නමැති ෆෝරම් ආකාරයේ වෙබ් අඩවිය පවත්වාගෙන ගිය ඔහු සිය ෆෝරමයේ සාමාජිකත්වය ලබාගත් සාමාජිකයින් හට ලංකාවේ විවිධ වෙබ් අඩවිවලට අනවසරයෙන් පිවිසිය හැකි මෘදුකාංග හා අදාළ පාස්වර්ඩ් මුදලට අලෙවි කර තිබුණ බව හෙළිව තිඛෙනවා.ඔහු ගැන සෙවිල්ලෙන් සිට පරීක්ෂණ මෙහෙයවා ඇති යුද හමුදා බුද්ධි අංශය විසින් පසුගිය මාර්තු 3 වැනිදා රහස් පොලීසියට කළ පැමිණිල්ලක් අනුව අප්‍රේල් 29 වැනිදා ඔහුව අත්අඩංගුට ගත් බව වාර්තා වුණා.
ඔහු මෘදුකාංග හා පිවිසුම් කේත තම ලියාපදිංචි ගනුදෙනුකරුවනට විකුණා ඇත්තේ ඒවාට පිවිසෙන ආකාරය ගැන උපදෙස්ද සපයමිනි.මොහුගේ උපදෙස් පරිදි නීතිවිරෝධි ලෙස අනුන්ගේ වෙබ් අඩවිවලට ඇතුළු වී ඒවායේ දත්ත මකා ඇති බව ද පොලීසිය උසාවියට දන්වනු ලැබුවා.
දත්ත මකා දැමුණු වෙබ් අඩවි හඳුනා ගැනීමේ පරීක්ෂණද පැවැත්වෙන බවත්, විනාශයේ හා අපරාධයේ ස්වභාවය ගැන පරීක්ෂණ පැවැත්වෙන බවත් රහස් පොලීසිය උසාවියට දන්වා සිටියා.
පසුගිය කාලයේ ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතනවල වෙබ් අඩවි හැකර් ප්රහාරයන්ට ගොදුරුවීම පසුපස මොවුන් සිටීද යන්න ගැනත් පරීක්ෂණ පැවැත්වෙනවා.
සැකකරු විසින් පවත්වාගෙනගිය මරුසිරා ඩොට් කොම් ෆෝරමයට මේ වනවිට පිවිසිය හැකි නමුත් එය අලූත්වැඩියාවක් හේතුවෙන් ක්‍රියාත්මක නොවන බවට පණිවිඩයක් දිස් කොට තිඛෙනවා.
1971 කැරැල්ලේ සාමාජිකයෙකුව සිට පසුව එල්ලා මැරුණ මරු සිරා නමැති ප්රචණ්ඩ පුද්ගලයෙකු පිළිබඳ ඉතිහාසයේ කියැවෙන අතර ඒනමින් චිත්‍රපටයක්ද නිර්මාණයවී ඇත.