බ්‍රිතාන්‍ය සමලිංගික යෝජනාව ශ්‍රී ලංකාව ඉවත දමයි

සමලිංගික ක්‍රියාදාමයන් ශ්‍රී ලංකාවේ නීතිගත කරන ලෙසත් දණ්‌ඩ නීති සංග්‍රහයෙන් සමලිංගික වැරදිවලට දඬුවම් කිරීම වහාම අහෝසි කරන ලෙසත් දක්‌වමින් බ්‍රිතාන්‍ය රජය කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය විසින් එකහෙලාම ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත.

සමලිංගික ක්‍රියාදාමයන් නීතිගත නොකිරීමෙන් මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයිද පවසා ඇති බ්‍රිතාන්‍ය රජය කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ කාර්යාලය මෙරට සමලිංගිකයන්ගේ ඉල්ලීම්වලට සහය දක්‌වන බවද පවසා තිබේ.

මෙයට ප්‍රතිචාර දක්‌වන ශ්‍රී ලංකා රජය දන්වා ඇත්තේ බ්‍රිතාන්‍ය සංස්‌කෘතියට වඩා ශ්‍රී ලංකාවේ සංස්‌කෘතිය වෙනස්‌ බවත් රටේ සිරිත් විරිත් බිඳ වැටීමට ඉඩදිය දිය නොහැකි බවත්ය.

Gossip Lanka Hot News Previous News Archive