කසාද බැන්ද මනාලිය සාක්ෂිකරු සමඟ පැන ගිහින් !

සවස 4.30ට විවාහ වූ මනමාලියක් එදින සවස 6.00 වන විට මනමාල මහතා තනිකර දමා විවාහයේ සාක්ෂිකාර තරුණයා සමඟ පැන යෑමේ අපූරු සිද්ධියක් ගම්පොළ මාවතුර ප්‍රදේශයෙන් වාර්තා වේ.

ගම්පොළ පොලිසිය වෙත ලැබී ඇති පැමිණිල්ලකට අනුව සිද්ධිය මෙසේය.
ගම්පොළ, ගල්පාය, මීතලාව ප්‍රදේශයේ පදිංචි මෙම මනමාලිය ගම්පොළ පාසලක අධ්‍යාපනය ලබමින් අ.පො.ස. සා/පෙළ විභාගය ඒ 9ක් ලබා සමත්ව උසස් පෙළ හැදෑරීම සඳහා මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකාවකට ගොස් අධ්‍යාපනය ලබන්නියකි.මනමාලයා ද මහනුවර ප්‍රසිද්ධ විද්‍යාලයක උසස් පෙළ හදාරන 19 හැවිරිදි ශිෂ්‍යයෙකි.ඔවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධයේ උච්චතම අවස්ථාව වූයේ රැයක් ගත කිරීමට මෙම තරුණියගේ යහළුවකුගේ නිවෙසට යෑමයි.ඒ ගම්පොළ, මාවතුර වැලිගඟ ප්‍රදේශයටයි. එම නිවැසියා ද 22 හැවිරිදි වියේ පසු වූ එක් දරු පියකු වන අතර මීට පෙර මෙම තරුණියගේ පෙම්වතා ඔහු බව කිසිවකුත් දැන සිටියේ නැත.

නව පෙම්වතුන් දෙදෙනා මාවතුර නිවෙසට පැමිණියේ එදින රාත්‍රියේ නතරවීමට බව දැනගත් එම නිවෙසේ යුවළ ඉදිරියේ ඇතිවන ගැටලුවලට ඇතිවන විසඳුමක් ලෙස කරුණු අවබෝධ කර දී දෙදෙනාම උලපනේ විවාහ රෙජිස්ට්‍රාර් වෙත ගෙන ගොස් හවස් වරුවේම විවාහ කරවීය.


පසුව මාවතුර නිවෙසට පැමිණියත් මනමාලියට පැරැණි පෙම්වතා අමතක කිරීමට නොහැකි වී ඇති අතර ඔහුටද තමා විවාහක එක්දරු පියකු බව අමතක වී ඇත.

මේ නිසා දෙදෙනාම කතා වී එවෙලේම කාටත් හොරා නිවෙසින් පැනගොස් ඇති අතර දෙදෙනා අත්වැල් බැඳගෙන මාර්ගය දිගේ දිව යන බව දැක ඇති ගම්වාසීන් ඔවුන් අල්ලා ගන්නට සැරසුණද බස් රථයක නැඟ පලා ගොස් ඇත.

පසුදා සියලු අයගේ පාර්ශ්වකරුවන් ගම්පොළ පොලිසිය වෙත සිද්ධිය පැමිණිලි කොට ඇති අතර ඒ අවස්ථාව සඳහා පැනගිය යුවළ ද සොයාගෙන පොලිසිය වෙත කැඳවා තිබිණි.

කෙසේ වෙතත් අලුත් මනමාලිය පොලිසියේදී පවසා සිටියේ අලුතින් විවාහ වුණත් පැරැණි පෙම්වතාගේ කියුම් කෙරුම්වලට ආසා නිසා ඔහු සමඟ මෙසේ පැනගිය බවයි.

උසස් අධ්‍යාපනය ලබන ළමයින් මෙවැනි සිද්ධිවලට පෙලඹීම ගැන පොලිසිය කළ දැඩි අවවාද අනුව මෙය විස¼දා ගැනීමට සියල්ලන්ම කටයුතු කරන බවද මෙහිදී පොරොන්දු විය.

ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ගාමිණි පෙරේරා, ස. පො. අ. චූලනී වීරරත්න පොලිස් ස්ථානාධිපති චන්ද්‍රා ජයවීර යන මහත්වරුන්ගේ උපදෙස් මත පො. ප. ඩී. එන්. කාංගර, උ. පො. ප. ඩී. එම්. දිසානායක ඇතුළු පොලිසියේ උසස් නිලධාරීන් කීපදෙනකුම මෙම ගැටලුව විසඳීමට මැදිහත්ව තිබිණි.

Gossip Lanka Hot News Previous News Archive