ජගත් චමිල ලෝකයේ හොඳම නළුවාට නිර්දේශවේ

1986 තිස්ස ජයවර්ධනයන්ගේ "සමනළ කන්ද" වේදිකා නාට්‍යයෙන් පාසල් අවදියේම රංගනයට පැමිණි කුඩා කොල්ලෙකු 1989දි සිය ප‍්‍රථම සිනමා රංගනයට එක්වූයේ විජය ධර්ම ශ‍්‍රී ගේ "ගුරුදෙර" සිනමා නිර්මාණයෙහි අනෝජා වීරසිංහගේ පුතකු ලෙසය.

මේ කොලූ ගැටයා වේදිකාවේ, සිනමාවේ මෙන්ම රුපවාහිනි නාට්‍ය තුළද තම රංග කුශලතාව ඔප් නංවා ගත්තේ සිය සහජ කුශලතාව රංගනයම බව පසක් කරමිණි. පාසල් අවදියේම රංගනයට පිවිස අද වනවිට ජාත්‍යන්තරය වෙත ගමන් කොට ඇති මේ අසහාය රංගන ශිල්පියා ජගත් චමිලය.

ජෝ අබේවික‍්‍රමයන් 'පුරහඳ කළුවර' සඳහා ආසියාවේ හොඳම නළුවා ගේ සම්මානය ලබාගැනීමෙන් අනතුරුව මෙරට රංගන ශිල්පියෙකු ජාත්‍යන්තර යේ හොඳම නළුවන් අතරට පැමිණ තිබෙන්නේ ජගත් චමිලය.එය අතිශය වැදගත්, ඵෙතිහාසික කාරණයක් වන්නේ ආසියානු කලාපයෙන් ඔබ්බට ගිය හොලිවුඞ් තරගකාරී අංශයෙන් ජගත් චමිල"නිව්යෝර්ක් අන්තර්ජාතික සිනමා උළෙලේ" හොඳම නළුවා තරගය සඳහා නිර්දේශ වීමය. ඔහු සමග තවත් නළුවන් සිව්දෙනෙකු ඩොමිනික් ප'සෙල් (කැනඩා)එඞ්වර්ඞ් ෆලෝන්ග් (අමෙරිකා)සෙබස්තියන් ජේසන් (ඩෙන්මාර්ක් ) ඕමාර් ෆරැන්කෝ (කියුබා ) යන රටවල් හතර නියෝජනය කරමින් මේ සඳහා තරගකරනු ඇත.
මෙම සිනමා සම්මාන උළෙල මේ වසරේ ජූනිමස 13දින සිට 20දක්වා අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදී පවත්වනු ලබන අතර 20දා සම්මාන ප‍්‍රධානය පැවැත්වීමට නියමිතය.

කැප්ටන් එල්මෝ ජයවර්ධන විසින් ඉංග‍්‍රීසි භාෂාවෙන් රචනා කරන ලද "සැමීගේ කතාව"(sam's story) ගේ‍්‍රෂන් සම්මානය දිනාගත් නවකතාවකි. මෙම නවකතාවට පාදක වූ 'සැමී' නැමැති සැබෑ චරිතය ජීවත්වූයේද එල්මෝ ජයවර්ධන ගේ නිවසේමය. මෙම නවකතාව ඇසුරින් ප‍්‍රියංකර විතානාච්චි 'සැමීගේ කතාව' නමින් සිනමා පටයක් නිර්මාණය කළේ එහි 'සැමීගේ' චරිතය සඳහා ජගත් චමිලව තෝරා ගනිමිණි.






Gossip Lanka Hot News Previous News Archive