ගූගල් සමාගම විසින් හඳුන්වා දී තිබෙන ජංගම දුරකතන නොමිල අන්තර් ජාල සේවාව වන Free Zone, ඩයලොග් ග්‍රාහකයින් වෙනුවෙන් ගූගල් හා ඩයලොග් සමාගම් ඒකාබද්ධව එළි දක්වා ඇත.
මේ තුළින් ඩයලොග් ජංගම දුරකතන ග්‍රාහකයින්ට කිසිදු මුදලක් නොගෙවා ගූගල් සර්ච්, ජී-මේල් හා ගූගල් ප්ලස් භාවිතා කිරීමේ අවස්ථාව හිමිවේ. මීට අමතරව, මේ තුළින් ඩයලොග් ග්‍රාහකයින්ට ගූගල් සෙවුම් යන්ත්‍රය හා සම්බන්ධ වී තිබෙන බිලියන ගණනක් වූ වෙබ් අඩවි වලට නොමිලේ පිවිසීමේ අවස්ථාවද ලැබේ. අන්තර් ජාලයට පිවිසීමේ හැකියාව තිබෙන ඕනෑම ජංගම දුරකතනයකින් ගූගල් Free Zone සඳහා පිවිසීමේ අවස්ථාව ඩයලොග් ග්‍රාහකයින්ට තිබේ.
freezone.dialog.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම සේවාව ඩයෙලාග් ග්‍රාහකයින්ට ලබාගත හැකි අතර තමාගේ භාවිතා කිරීමේ නම හා රහස් වචනය යෙදීමේන් ඉතාමත් සරල ලෙස Free Zone සේවාවට ඇතුළු විය හැකිය. ඕනෑම භාවිතා කරන්නෙකුට Free Zone මුල් පිටුවේ ක්ෂණයකින් ජී-මේල් ගිණුමක් නිර්මාණය කරගත හැකි අතර මෙහිදී, ගූගල් නිදහස් එකතුව තුළ තිබෙන විවිධ වූ සම්බන්ධතා හා සමාජ ජාල මාධ්‍ය සේවා අත්විඳිය හැකිය.
Free Zone මගින් ඉලක්ක කරන්නේ සියළුම ජංගම දුරකතන ග්‍රාහකයින්ට දැරිය හැකි පරිදි අන්තර් ජාලයට ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදීමයි. මේ අනුව, කිසිදු ගාස්තුවකින් තොරව ඩයලොග් ජංගම දුරකතන වලින් පිවිසිය හැකි නිදහස් අන්තර්ජාල සේවා එකතුවට ගූගල් සර්ච්, ජී-මේල් හා ගූගල් ප්ලස් ඇතුළත් වේ. Free Zone භාවිතා කරන්නන්ට ගූගල් සර්ච් මගින් තමන් සොයන වෙබ් අඩවියට පිවිසීමේ අවස්ථාවත්, ගූගල් ප්ලස් මගින් පවුලේ සාමාජිකයින්, මිතුරන්, ව්‍යාපාර සහ රැකියාවේ සාමාජිකයින් වැනි සමාජ කණ්ඩායම් අතර ඡායාරූප හා පණිවුඩ හුවමාරු කර ගැනීමටත් අවස්ථාව හිමිවේ. මේ අතර, Free Zone මගින් ඇටෑච්මන්ට් එකක් ඩවුන්ලෝඩ් කර ගැනීම වැනි ඉහළ සේවාද කිසිදු ගාස්තුවකින් තොරව ලබාගත හැකිය.