රාජ්‍ය වෙසක් උත්සවයට හිරිහැර වන නිසා බල්ලන්ට වස දී මරලා !

රාජ්‍ය වෙසක් උත්සවය සමයේ සුනඛයන්ගෙන් හිරිහැර වන හෙයින් බුත්තල නගරය හා ඒ අවට නිදැල්ලේ හැසිරෙන සුනඛයන්ට වස වර්ගයක් මස්වලට මිශ්‍රකොට කෑමට දී මරා දමා ඇතැයි බුත්තල ප්‍රදේශවාසීහු පවසති.

බුත්තල නගරය හා ඒ අවට මියගොස් සිටි සුනඛයන් තිස් අටක මළ සිරුරු ඊයේ (22දා) නගර සභාවේ සේවකයන් යොදවා ඉවත් කළ බැව් අප කළ විමසුමකදී පැවැසූ බුත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති දමයන්ත ‍ෙදාළේවත්ත මහතා කවුරුන් විසින් සුනඛයන් මරා දැමුවේද යන්න තමා නොදන්නා බවත් සභාවේ කිසිම සේවකයකු ඊට සම්බන්ධ නොවූ බවත් පැවැසීය.

බුත්තල යුදඟනාව රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳ මීට පෙර පැවැති සාකච්ඡාවකදී දඩාවතේ යන සුනඛයන්ගෙන් සිදුවන හිරිහැර පිළිබඳ සාකච්ඡා වුවත් සුනඛයන් මරාදැමීමට තීරණය නොකෙරිණි.මේ පිළිබඳ මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ පාලිත අධිකාරි මහතාගෙන් කළ විමසුමකදී පැවැසුවේ බුත්තල නගරයේ හා ඒ අවට සැරිසරන සුනඛයන් වස දී මරා දැමීම පිළිබඳ ජලභීතිකා රෝග මර්දන ඒකකයෙන් විමසන ලෙසය. පසුගිය මාසයේදී සුනඛයන් සපා කෑමෙන් ජල භීතිකා රෝගය වැලැඳුණු දෙදෙනකු මියගිය බවයි.

රාජ්‍ය වෙසක් සතිය ආරම්භ වූ දිනයේදීම සෞඛ්‍ය අංශ මඟින් සුනඛයන්ට වස දී මරා දැමීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බුත්තල නගරවාසීහු මේ පිළිබඳ වහාම පරීක්‍ෂණයක් පවත්වන්නැයි ඉල්ලා සිටිති.

Gossip Lanka Hot News Previous News Archive