පිටිගල මත්තක, බඹරවාන එකේ කණුව ප්‍රදේශයේ ජීවත් වූ 73 හැවිරිදි දෙදරු මවක් ඝාතනය කර ඇය සමග නිවසේ ජීවත් වූ අවිවාහක දියණිය පැහැරගෙන ගොස් අතවර කර පලායාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මිදී ඉහළ ස්ථානයක සිට පැනීම නිසා ඔළුව ගලක වැදී මියගිය බව පොලීසිය පවසයි.
අද (26) උදෑසන 4.00ට පමණ මෙය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පැවසීය.සිය බාල දියණිය සමග ජීවත් වූ මවක මරා දමා දියණිය පැහැරගෙන ගොස් අතපය බැඳ අතවර කර පාළු නිවසක දමාගොස් සිටියදී පොලීසිය විසින් පසුගියදා සොයා ගනු ලැබීය.
මියගිය මවගේ සිරුර ද නරක් වී තිබියදී පසුගිය 16දා සවස හමුවූ අතර පොලීසිය විසින් සිදුකළ මෙහෙයුමකින් පසු සැකකරු කළුතර අගලවත්තේදී අත්අඩංගුවට ගැනිණ.මත්තක කැලයේ තමා විසින් සඟවා ඇති ආයුධ පෙන්වීමට පොලීසිය සමග ගොස් ඇති සැකකරු අද අලුයම පොලිස් අත්අඩංගුවෙන් මිදී උස් ස්ථානයකින් පැනීම නිසා ඔළුව ගලක වැදී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.