අන්තර්ජාල මරු සිරාට ඇප

 'හැකර' කතාවට සී.අයි.ඩීයට තාම සාක්කි නෑ
අන්තර්ජාල වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුළුවී හැකර් කිරීම හෙවත් දත්ත මකා දැමීම සඳහා තම ගනුදෙනුකරුවනට මෘදුකාංග හා උපදෙස් වෙබ් අඩවියක්‌ පවත්වාගෙන යැම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු මුදලින් රුපියල් දස දහසක හා ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක්‌ යටතේ මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා ඊයේ (02 දා) නියෝග කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් සිදු කරන ලද විමර්ශනයකින් පසු මොහු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබිණි.මෙලෙස ඇප මත මුදාහරිනු ලැබූයේ මහනුවර, ධර්මාශෝක මාවත පදිංචි ගයාන් උෂාන්ත සිල්වා නමැති සැකකරුවෙකි.සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී සැකකරුගේ ක්‍රියාකාරකම් තුළින් කිසිදු වෙබ් අඩවියකට අගතියක්‌ සිදුව ඇති බවට වාර්තා නොවන බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමක්‌ කෙරෙහි සැලකිලිමත් වෙමින් ඔහුව ඇප මත මුදාහළ මහෙස්‌ත්‍රාත්වරයා සෑම ඉරු දිනකම පෙරවරු 9 ත් මධ්‍යහ්න 12 ත් අතර කාලයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඇප කොන්දේසි පැනවීය.
ලබන ඔක්‌තෝබර් 03 දා පැමිණිල්ල යළි කැඳවන ලෙසට නියෝග කෙරිණි.
-සබැදි පුවත්- 

Gossip Lanka Hot News Previous News Archive