බම්බලපිටියේ විදේශ රැකියා ඒජන්සියක හා ගල්නෑවේ තැරැව් කාරියක මගින් සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස ගිය විවාහක කතක ගණිකා සේවයට බලෙන් යොදා ගෙන මාසයකට පසුව දිවයිනට පැමිණි බව වාර්තා වේ.
ඇය කියනුයේ ලංකාවේ පිරිසක් මේ ගණිකා නිවාසය පාලනය කරන බවයි.ලංකාවේ ගැහැණුන් දෙතුන් සියයක් එමි සිටින බව ද ඇගේ විශ්වාසයයි.ඇය ඊට අකමැති වූ නිසා කලවා පෙදෙසට බෙහෙත් විද බලෙන් කෙළෙසා ඇති බව ද ඇය කියන්නීය.ඇගේ සැමියා ආබාධිතයෙකි. පවුලේ අඟහිගකම් නිසා රියාද් 800ක (රුපියල් 26953) වැටුපකට ඇය එහි ගියාය.
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතා කියනුයේ මේ ගැන පරීක්ෂණයක් අරඹා වැරදිකරුවනට දඩුවම් කරන බවයි.තමා යැවීමට නියමිත නිවසට නොයවා වෙනත් තැනකට යැවූ බවත් එහි හාම්පුතා තමාට සල්ලි දෙන්නම්, රත්තරන් දෙන්නම්, වාහනයක් අරන් දෙන්නම් කියූ බවත්, එසේ කිරීමට නම් ඔවුන් කියන දෙයට එකඟ විය යුතු බවත්, ශ්‍රී ලංකාවට පැමිණි පසු ඇගේ අදෝමුඛයෙන් ප්ලාස්ටික් බටයක් ද ඉවත් කර ඇත.